Chapter 29

62 9 16
                                    

ගායෙල් රැජින සෝහි ව සොයාගෙන ගියේ දෙගිඩියාවෙනි...
ඇයට එසේ සිතීම වරදක් නැත මන්ද යත් සෝහි ගැන ඇය හොඳින්ම දැන සිටියාය.
ඇය දැන් පවසන්න යන දේට සෝහි කෙසේ ප්‍රතිචාරයක් දක්වයිද යන්න ඇයට ගැටලුවක් විය..
ගායෙල් ගේ සිත තුල සොන්වූ රජු ඇයටත්, සියො රජුටත් පැවසූ සියල්ලම ඒ වන විටත් හොල්මන් කරමින් තිබුනේ ඇගේ මනස ව්‍යාකූලත්වයට තව තවත් ඇද දමමිනි.
……………………………………………………………

කැන්ටබර්ග් වනයේ ;

"ම්ම්ම්...මා සිතූ විදිහටම මාගේ සැලසුම ක්‍රියාත්මක වෙන බව මට පෙනෙනව.. හහ් හහ හා." ලුසිෆර් පලිඟුව දෙස බලමින් පැවසුවේ සිනා වෙමිනි.

"ප්‍රධානිතුමනි, එසේනම් ඇයව සොයාගත් විට එම ශාපය බිඳීයනවානම්, ඔබතුමාට ඇය සොයාගැනීමට නොහැකි උනේ මන්ද යන්න මා හට ගැටලුවක්.." ලූකස් ඇසුවේ කුතුහලයෙනි.

"කෙතරම් බලගතු වුවත් ඇතැම් අවස්තාවලදී මාගේ බලයටද යම් යම් සීමා පැනවෙනවා..තමුන්ට වැටහුනාද ලූකස්.?"

"නමුත් ප්‍රධානිතුමනි, ඔබ ඇයි ටේහ්‍යුන්ග් කුමරුගේ ශාපය බිඳ දැමුවේ කියා මා හට වැටහෙන්නේ නෑ.." ලූකස් කල්පනාකාරීව ඇසුවේය.

"තමුන්ට කොහොමත් මගේ සැලසුම් වටහා ගත නොහැකියි ලූකස්.. ඒ නිසා මා පවසන දේ පමණක් සිදු කරනු....ප්‍රශ්න ඇසීම අනවශ්‍යයි...
අවශ්‍ය කාලය පැමිනි විට එය තමුන්ටම පෙනේවි..." ලුසිෆර් තදින්ම පවසා සිටියේ ලූකස් තරමක් බියටත්, නිරුත්තරභාවයටත් පත් කරමිනි. ලූකස් ගේ මේ එක පිට එක ප්‍රශ්න ඇසීම් ලුසිෆර්ට රූස්සන්නේ නැති තරම් ය.
……………………………………………………………

දිනකට පසු එල්නඩෝරයේ දී ;

"ටේහ්‍යුන්ග්... රජතුමන් කුමක් නිසාද හදිසියේ අපව රාජසභාවට කැඳවූයේ..??" ජිමින් ඇසුවේ කුතුහලයෙන් අතර ජන්ග්කුක් පවා සිටියේ සිදුවන්නේ කුමක්දැයි වටහාගත නොහැකිවය.

ටේහ්‍යුන්ග් කිසිවක් පැවසුවේ නැත. ඔහු නෑසු කන්ව සිටියේය. ඔවුන් සියලු දෙනා රාජ සභාවේ අසුන් වල අසුන්ගෙන සිටියේ සොන්වූ රජුගේ පැමිණීම අපේක්ෂාවෙනි.

BLUE  AND  GRAY 👑️Where stories live. Discover now