Chapter 02

268 38 20
                                    

"රැජිනියනි පරිස්සමින්!!!!.." එසෙල්ඩා වේගයෙන් ඇය අසලට ඇවිද යමින් කිවේ සෝ යොන් ගේම පරිස්සම ගැන සිතාය. එය එසෙල්ඩාගේ වගකීමයි.
සෝ යොන් සිහින් සිනාවකින් මුහුණ සරසගෙනම රාජකීය උද්‍යානයේ සෙමින් ඇවිද ගියේ සූර්‍යාලෝකයේ උණුසුමත් , හමාගෙන එන සුළඟේ සිසිලසත් නිදහසේ විඳිමින් ය. ඇය සෙමෙන් ඇවිදගෙන ගොස් අසල තිබූ කිරිඟරුඩ ගල් බංකුව මත අසුන් ගත්තේ සිහින් සුසුමක්ද පිට කරමිනි.
ඇය අනුවම යමින් එසෙල්ඩා ද ඇයට මඳක් ඇතින් සිටගෙන සිටියේ සෝ යොන් වෙතින් ඇස් ඉවතටවත් නොගනිමිනි.
එසෙල්ඩා, රැජිනගේ පෞද්ගලික සහකාරිය ඇගේ රාජකාරිය අකුරටම ඉටු කිරීමට සෑම විටම වග බලගත්තාය. ඇගේ ප්‍රධානතම රාජකාරිය රැජිනව හොඳින් රැකබලා ගැනීමය, අලුත් දෙයක් නොවූවත් ඇය වෙනදාට වඩා වැඩියෙන් සො යෝන් රැජින ගැන සොයා බැලුවේ ඇය රජ්‍යයේ උරුමක්කරු ඇගේ කුස දරා සිටි බැවිනි. සෝ යෝන් රැජිනගේ කුළුදුල් දරුවා ඔවුන්ගේ පමණක් නොව මුලු එල්නඩෝර් රාජ්‍යයේම බලාපොරොත්තුව විය.

"රැජිනියනි, ඔබතුමීට අපහසුවක් නෑ නේද?" එසෙල්ඩා සෝ යෝන් ගෙන් ඇසුවේ පස් වන හෝ හයවන වරට විය යුතුය.

"මට අපහසුවක් නෑ එසෙල්ඩා, ඔබ කරදර වෙන්න එපා." සෝ යෝන් කාරුණික සිහින් සිනාවක්  සමඟම උත්තර දුන්නේ මේ වයසක කාන්තාව මොනවාට මේ තරම් වද වෙනවාද යැයි සිතමින් ය. ඇය එසේ සිතුවේ කරුණාවෙන් මිස සෝ යෝන් ට කිසි විටකත් එසෙල්ඩා කරදරයක් නොවීය.
එසෙල්ඩා සෝ යෝන් ට ඉතාමත් ආදරේය. එය සෝ යෝන් හොඳින්ම දන්නා කරුණකි.
එසෙල්ඩා යනු සො යෝන් ව කුඩා කාලයේ සිටම බලා කියගත් ඇගේ හිතෛෂීවන්ත පාලිකාවයි.

සෝ යෝන් කුඩා කලදීම ඇගේ මෑණියන් මිය ගියේ අවසනාවන්ත ලෙසය. ඇගේ අභාවයත් සමඟ  සෝ යෝන් ගේ පියා වන "සැම්බර්ග් රාජ්‍යයේ" රජු "කන්ග් යොන් වෝ රජු" සෝ යෝන් ව රැකබලා ගැනීම එසෙල්ඩා ට භාර දුන්නේ සෝ යෝන් කුමරිය කුඩා කලදීය.
සෝ යෝන් කුමරිය කිම් සොන් වූ රජුට සරණපාවා දී එල්නඩෝර් වෙත එන විට එසෙල්ඩා ද එක් වූයේ ඇගේ ජීවිතයේ ඉතිරි කාලයත් ඇය ඉතාමත් ආදරය කල සෝ යෝන් කුමරිය සමඟම සිට ඇයව රැකබලා ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය.
සොන් වූ රජු සෝ යෝන් ව බලගැනීම වගකීම ඇයටම බාර දුන්නේ ඒ නිසාම ය. ඇය ඇගේ රාජකාරිය දිවිහිමියෙන් ඉටු කිරීමට රජුට පොරොන්දු වූ අතර ඇය ඒ රාජකාරිය අකුරටම ඉටුකරන බවට සොන් වූ රජු ද දැන සිටියේය.

"සෝ යෝන් !!"

"ඔහ්!! රජතුමනි!!" එසෙල්ඩා ගෞරවයෙන් යුතුව හිස නමා රජුට ආචාර කලාය.

"එසෙල්ඩා, දැන් රැජිනගේ තත්වය කෙසේද.?" රජු සෝ යෝන් සමඟ සිනාවෙමින්ම එසෙල්ඩා ගෙන් විමසුවේය.
"එතුමිය සුවෙන් රජතුමනී," එසෙල්ඩා යටහත් පහත් ලෙස පිලිතුරු දුන්නාය.

"එසෙල්ඩා ඔබට දැන් යන්න පුලුවන්" සෝ යෝන් ඇගේ අවසරය දෙනවත් සමඟම  එසෙල්ඩා උද්‍යානයෙන් පිටව ගියේ රජුටත්, රැජිනටත් ආචාර කරමිනි.
සොන් වූ රජු සෝ යෝන් ගේ අසලින් අසුන් ගත්
අතර සෝ යෝන් ඇගේ හිස ඔහුගේ උරමත තබාගත්තේ දෑස් වසාගනිමිනි.

"සෝ යෝන්, ඔයාට කොහොමද  දැන්?? අපහසුවක් නෑනේද??" රජු ඔහුගේ අසල දෑස් වසාගෙන අසුන් ගෙන සිටින ඔහුගේ බිරිඳ ගෙන් අසාසිටියේ සෙනෙහසිනි.

"මං හොඳින් සොන් වූ, ටිකක් මහන්සි ගතියක් දැනෙනවා එත් ප්‍රශ්නයක් නෑ මට" සෝ යෝන් සිටි ආකාරයෙන්ම පිලිතුරු  දුන්නාය.

"ඔහ්හ්!! අපේ පුංචි කුමාරයා එයාගෙ අම්මට කරදර කරනවාද????" සොන් වූ ඇගේ කුසට ලන් වී පැවසුවේ ඉතාමත් සෙනෙහසිනි. ඔහුගේ හැසිරීම සෝ යෝන් ගේ සිනා නංවන්නට සමත් විය.

"පුංචි කුමාරයා!?? ඔයා කොහොමද  දන්නේ සොන් වූ??" සෝ යෝන් සිනා වෙමින්ම සොන් වූගෙන් අසා සිටියාය.

"මං දන්නවා.. මේ ඉන්නේ අපේ පුංචි කුමරයා!" රජතුමා විශ්වාසයෙන් පැවසූ විදිහට සෝ යෝන් තවත් සිනා වීමට පටන් ගත්තාය.

"ඇය පුංචි කුමාරිකාවක් වුනොත් එහෙම??" සෝ යෝන් නැවතත් සිනා වෙමින්ම ඇසීය.

"කුමාරයෙක් උනත්, කුමාරිකාවක් උනත් මං එක වගේම ආදරෙයි. ඒ වගේම ඔයාටත්" රජු කියා සිටියේ සිනාවෙමින් ය.

රජුත් රැජිනත් තවත් මොහොතක් එලෙසම උද්‍යානයේ රැඳි සිටියේ අවට වටපිටාවේ සුන්දරත්වය හිතපුරා විඳිමිනි.
ඔවුන් දෙදෙනාගෙම හිත් තුල නුදුරේදීම මෙලොවට පැමිනෙන්නට සිටින ඔවුන්ගේ දරුවා ගැන බලාපොරොත්තුවලින් පිරී ඉතිරී තිබිණි.

"අපි දැන් මාලිගයට යමූ සෝ යෝන්, දැන් ගොඩක් හවස් වෙලා." යැයි සොන් වූ පවසනවාත් සමඟම ඔවුන් නැගී සිටියේ නැවත මාලිගයට යන බලාපොරොත්තුවෙනි.

නමුත් ඊලඟට දුටු දෙය සොන් වූ  තිගැස්මටත්, පුදුමයටත් පත් කරන්නට සමත් විය....










A/N : Hii lolipops🍭 , කතාවේ අනිත් chap එකත් දුන්නා ඔන්න. සොන් වූ යි, සෝ යොනුයි යන අතරේ මොනවද දැක්කේ..??? ඔයාලා මොනවද හිතන්නේ??..
කතාව කියවන අයට ආයෙත් thanks..හැමෝම සතුටින් ඉන්න...comment for chap 03..love youu lolipops🍭💫
Jayfee💕

BLUE  AND  GRAY 👑️Where stories live. Discover now