මේ වන විට දෙදිනක්ම ගත වී අවසන් නමුත් හිම්සේ තවමත් පියවි සිහියට නොපැමිණීම විශාල ගැටලුවක් විය. උණ ගතිය පමණක් පහව ගොස් තිබුණත් හිම්සේගෙන් දිස් වූයේ දුර්වල ස්වභාවයකි.
මේ හදිසියේම සිදු වූ දෙය නිසා සොන් වූ මෙන්ම සෝයෝන් පවා සිටියේ දැඩි සිත් තැවුලකිනි.
සොන් වූගේ උපදෙස් පරිදි හිම්සේට අවශ්‍ය ප්‍රතිකාර කිරීම් එල්නඩෝරයේ දක්ශතම රාජකීය වෛද්‍යවරුන්ට භාර දුන්නේය.
නමුත් මෙය ඔසු වලින් පමණක් සුව කල නොහැක්කක් බව සොන් වූ රජු හොඳින්ම දැන සිටියේය.
සන් ජුන් විසින් හිම්සේව පරීක්ෂා කල පසු ඇයව යම් මායා බලපෑමකට නතු වී ඇති බව
සන් ජුන් පැවසුවේ සොන් වූට රජුට පමණි.මෙවැනි අවස්තාවක එය රහසක්ව තබා ගැනීම සුදුසු යැයි තීරණය කල සොන් වූ එය ඔහුගේත් සන් ජුන් පූජකමාගෙත් අතර පමණක් තබා ගැනීමට තීරණය කලේය.
සියෝ රජ පවුල ඇතුලු පිරිස පැමිණියේ රාජ්‍ය තාන්ත්‍රීය සබඳතා ශක්තිමත් කර ගැනීමටය. ඒ වැනි අවස්තාවක මෙවැනි දෙයක් සිදුවීම අවාසිදායක තත්වයක් විය.
සියෝ රජු සොන් වූගේ කුඩා කල මිතුරා බව සැබෑය නමුත් අවදානමක් ගත හැකි තත්වයක සොන් වූ නොසිටි නිසා ඔහු ඒ ගැන සියෝ රජුටවත් පැවසුවේ නැත.අනෙක් අතට මෙයට හේතුව කවුරුන්ද කියා සොන් වූ හොඳින්ම දැන සිටියේය.
ප්රශ්නය තිබෙන්නේ තමා සහ ලුසිෆර් අතරය තමන්ගේ පෞද්ගලික ගැටලුවක් නිසා එහි වන්දියේ කොටස්කාරියක් වීමට හිම්සේට සිදුවීමත්, එවැනි විටක මේ ගැන සියෝ රජු දැන ගතහොත් කුමන තත්වයක් උදා වේවිද යන්නත් සොන් වූ රජුගේ හිතට මහත් පීඩනයක් එල්ල කලේය.
සියෝ රජු ලුසිෆර් ගැනත්, ටේහ්‍යුන්ග් ඒ තත්වය ගැනත් හොඳින්ම දැන සිටියත්, මේ ගැන ඔහුට දැනට නොපවසා සිටීමට සොන් වූ තීරණය කලේ තිබෙන මේ වන විටත් අහස උසට තිබෙන ගැටලු මදිවාට තවත් නැති ප්‍රශ්න අනවශ්‍ය නිසාය."ඇයට තිබෙන්නේ උණ ගතියක් සහ ශාරීරික දුර්වලතාවක් රැජිනියනි."
සන් ජුන් පූජකතුමා සිය මවට පැවසූ දෙය සෝහීගේ මනස පුරාම හොල්මන් කරන්නට පටන් ගත්තාය.ඔහු පැවසූ ආකාරයට නාඳුනන පරිසරයත් එල්නඩෝරයේ පවතින ශීත දේශගුණයත් නිසා හිම්සේ මෙලෙස හිටි හැටියේ අසනීප වී ඇත. නමුත් එය එලෙස සම්පූර්ණයෙන්ම පිලිගැනීමට සෝහී කැමති උනේ නැත. කෙසේවෙතත් ඒ ගැන කිසිවෙකුට නොපවසා ඇය නිහඬ පිලිවෙත අනුගමනය කලාය.
ඇය තවමත් මේ සිදු වූ දෙයට තමාටම සිතින් බැණ වැදුනාය.