Chapter 19

87 15 12
                                    

දින කීපයක් ගත වී ගියේ හරියටන් විනාඩි කිහිපයක් ගත වෙන ලෙසය... ගැම්බල් - වැනඩෝර් යුද්ධය නැවත ඇවිලී ගියේ කවුරුන්වත් නොසිතූ ලෙසය...
මෙවර එය තරමක් පාලනයට අපහසු තත්වයකට පත් වූ අතර හන් සොන් වූ රජුගේ ඉල්ලීමකට අනුව සොන් වූ රජුට තවත් සෙබල බලඇණියක් යුද පිටියට පිටත් කිරීමට සිදු විය.

ටේහ්‍යුන්ග්, ජිමින් සහ ජන්ග්කූක් සොන් වූ රජු ඔවුන්ට භාර දුන් කාර්යය එනම්, සියෝ රජ පවුලේ සංචාරයේ සංවිධාන කටයුතු සමඟ කාර්ය බහුල වී සිටි අතර දිවා රෑ නොබලා ඒ වෙනුවෙන් කැපවීමට පවා ඔවුන්ට සිදු විය.
ඔවුන් තිදෙනා දැන් තනිව වගකීමක් දැරිය හැකි තරමට පරිණත වී තිබීම සොන් වූ රජුට ගෙන ආවේ මහත් සතුටකි.

අනිත් අතින් ලෝරන්ස් රජ මාලිගයේ තත්වය වෙනස්ම මුහුණුවරක් ගත්තේය.
සෝහි දිගින් දිගටම එල්නඩෝර් සංචාරයට සහභාගි වීමට අකමැත්ත පල කල අතර සියෝ රජුද සිය තීරණය වෙනස් නොකලේය.

"ආහ්හ්හ් ආයෙත් ලෝරන්ස් මාලිගයට ආව එක නම් ලොකු සැහැල්ලුවක්" හිම්සේ තමාටම පවසාගනිමින් මාලිගයේ දොරටුව අසලට ගියාය.
ඇය සති කීපයකට පසු සෝහී ට පොරොන්දු වූ ලෙසම නැවතත් එහි පැමිණියේ ඉතාමත් සතුටිනි.

"හිම්සේ කුමරියනි, මා සෝහී කුමරියට දන්වන්නද ඔබතුමී මෙහි පැමිණි වග..??" මාලිගා ද්වාරයේ ආරක්ෂාවට සිටි ආරක්ෂකයා හිම්සේ ගෙන් ඇසුවේ ආචාර කරමිනි.

"නෑ...අවශ්‍ය නෑ...මංම ඇයව හමුවෙන්නම්." පවසමින් හිම්සේ මාලිගයට ඇතුල් වූයේ සෝහී ව පුදුම කරන්නට සිතාය.. ඇය එහි පැමිණෙන බව රැජිනට දැන්වූ පසු ඇය රැජිනට එනම් තම නැන්දණියට කියා සිටියේ ඈ පැමිණෙන බව සෝහීට නොපවසන ලෙසටය.

හිම්සේ කලබලයක් නොමැතිව මුලින්ම ගියේ සිය නැන්දණිය එනම් රැජිනව හමු වීමටය.

"රැජිණියනි," ඇයි පවසමින් හිම්සේ රැජිනට ආචාර කලාය.

"ඔබ පැමිණියාද දරුවෝ.." යැයි පවසමින් ඇය හිම්සේව වැලඳගත්තේ පුළුල් සිනාවකින් මුව සරසාගෙනය.

"එහෙමයි රැජිනියනි...ඔබතුමී සෝහිට පැවසුවේ නෑ නේද මා පැමිණෙන වගක්..??" හිම්සේ රැජින ගෙන් ඇසුවේ සිනාවෙමිනි.

BLUE  AND  GRAY 👑️Where stories live. Discover now