Part 22 (finale Chapter)

699 61 7
                                    

ජීවිතේ මොන තරම් දුක් බර උනත් තමන්ගේ හිතේ තිබ්බ ඒ අරමුණ එක මොහොතකට වත් හිතින් අයින් කරගත්තේ නැති ටේයෝන්ට අවසානයේ ජන්කුක් පිලිබදව පුංචි පුවතක් දැනගන්නට හැකියාව ලැබුනා. ඒ ජන්කුක් තවමත් ජීවත් වෙනවා , එයාට දැන් හොදටම හොදයි කියන එක..ඒක දැනගත්තු ගමන් ටේයෝන්ට සතුටක් වගේ ජයග්‍රාහී හැගීමක් ඇති වුනා..

ඒත්..

හුදෙකලාව මුලු ජීවිතයක්ම ජන්කුක්ට පාලුව චුට්ටක් හරි මකාගන්න ගුවෙන්ජූ ලමානිවාසෙකින් පුංචි දූ පැටියෙක්ව හදා ගන්න ගත්තා..දැන් හිනා ශබ්ද වලින් , දග වැඩ වලින් පිරිලා ගිය ජන්කුක්ගේ ගෙදරින් ජන්කුක්ට ආවේ ආත්මීය සුවයක්..ටේයෝන්ගේ මුහුණ නිතර නිතර හිතට වද දෙද්දි ජන්කුක් සමහර අවස්ථා වලදී කෝපයටත් පත් වුනා..ආයෙමත් පුංචි සේමිගේ කටහඩ ඇහුනු දිශාවට කදුලුත් පිහදාගෙන තමා විසින්ම රෝදපුටුව තල්ලු කරගෙන ගිය ජන්කුක් සෙමීව තමන්ගේ ලගට අරගෙන ගෙදර ජන්කුක්ව වගේම සෙමීව බලාගන්න ඉන්න කෙනාට කිව්වා "මෙයාව නින්ද කරවන්න" කියලා..

ඉන් පසුව පොතකුයි ,පෑනකුයි අතට ගත් ජන්කුක් බර කල්පනාවකට වැටුනේ එයාගෙය් ටේයෝන්ගෙය් අතීතයේ ලස්සන මතක මතක් කරගන්න ගමන්..

තමන්ගේ පරණ මතකයන් ආයේ ආයේ අලුත් කරමින් සිටි ජන්කුක්ට නිකන්ම නින්ද ගියේ තමන් සිටින්නේ කොහෙද යන්නත් අමතක වීමෙන් පසු..

දිගු නින්දකින් පසුව ජන්කුක්ට ඇහැරුනේ පහුවදා උදෑසනයි..

ඒත් සෙමීගේ කෑ ගැහිලි ඇහිලා..

"අප්පා...ඉත්මනත එන්න..අපි තමු..මට බදගිනියි.."
පුංචි සෙමී ජන්කුක්ගේ අතින් අදින කොට වැඩට හිටපු හියුක් දුවගෙන ඇවිත් සෙමීව වඩාගෙන ගියා..සෙමීව තියලා ආපහු කාමරේට ආපු හියුක් ජන්කුක්ව රෝද පුටුවෙන් තියලා පිරිසිදු කරන්න එක්කන් ගියා..

ටේයෝන් තවමත් ජන්කුක්ව සොයා හැම තැනම පිස්සෙක් වගේ ඇවිදින ගමන්..

අවසානයේ පුංචි තොරතුරක් ටේයෝන්ට දැන ගන්න හම්බවුනා.ඒ එයා ජීවත් වෙන්නෙ ගුවෙන්ජූ වල කියලා..

ඒ සැනින් වාහන පදවන්න ගත්තු ටේයෝන් එක මොහොතකටවත් වාහනේ වේගය අඩු කරන්නේ නැතුව දිගින් දිගටම ධාවනය කලා..

Triangle Love Story....♡ [COMPLETED]Where stories live. Discover now