eyes 👀

662 158 17
                                    

Soya pov

👵 චූටි බේබී....චූටි බේබි...

අජුම්මා අදත් උදේ පාන්දර පහල ඉදන් බෙරිහන් දෙනවා..මොනවා උනත් ඔම්මයි අප්පායි නැති මටයි මගේ ඔප්පාටයි ඔම්මෙක් කියලා ඉන්නේ අජුම්මා තමා..

❤️ දේ අජුම්මා...මන් ලෑස්ති වෙන ගමන්...ඔප්පා ලෑස්තිද ??

👵 ලොකු බේබි ගියා..

❤️ අදත් මාව දාලා ගියා ද ?? 🥺

👵 office එකටත් යන්න ඕන කියලා උදෙන්ම ගියා

❤️ අරස්සො අජුම්මා

අදත් මාව දාලා ගිහින්...ඔප්පාගෙයි මගෙයි සම්බන්දෙ එන්න එන්නම දුරස් වෙනවා..මට ඕන පොඩි කාලේ වගේ ඔප්පාගේ අතේ එල්ලිලා හුරතල් වෙවී කියෝ කියෝ යන්න...ඒත් ඒවා අතීතෙම විතරයි..ටේ ඔප්පායි, ටේජි කොලේජ් එකේදි දන්නේ නෑ වගේ හිටියට ගෙදර දි එයාලා පිස්සු නටනවා.. එයාලා කරපුවා කියනකොට මට ඉරිසියයි..

මගේ ඔප්පා මාත් එක්ක කතා කරන්න තියා ඔප්පාගේ මූන බලන්නවත් එයා ගෙදර නෑ...උදේන්ම යනවා..රෑ වෙලා එනවා...හරි අඩුවෙන් ගෙදර ඉන්නේ..ඒ හිටියත් එයා එයාගේ රූම් එකට වෙලා ඉන්නවා..මට වඩා ටේ ඔප්පායි, ටේජියි එයාගේ මූන දිහා බලනවා ඇති...මොකද අපේ ගෙදර නැත්තන් එයා අනිවාර්යයෙන් එහේ තමා..
.
.
.
.
මන් ඉක්මනට ලෑස්ති වෙලා අජුම්මා හදලා තිබ්බ කෑමත් කාලා ඉක්මනට බස් එකට දිව්වා..ගෙදර කාර් තිබ්බාට මන් ඒවගේ යන්න ආස නෑ..ටේජිත් එහෙමයි...අපි දෙන්නාටම නාන්න සල්ලි තිබ්බාට අපි දෙන්නාම ආස සරල ජීවිතේකට...ඒත් ලොකු කම්පැනි තුනක අනාගත අයිතිකාරයෝ වෙච්ච මගේ ඔප්පාටයි, ටේ ඔප්පාටයි, මාරි කුකීටයි නම් ඒ සරල ජීවිතේ හීනයක් වගේ දැනෙනවා ඇති...

( ❤️ සෝයා : 💚 ටේජි )

💚 සෝයා.....

කොලේජ් එක ඇතුලට අඩිය තියනකොටම දුවගෙන ඇවිල්ලා ටේජි මගේ කරේ එල්ලුනා..

❤️ යාහ් ටකරමි...කෑ නොගහා ඉන්නවා..ටේ ඔප්පා ගෙදර කොහොම ඉන්නවාද දන්නෙ නෑ...

💚 ශ්ශ්ශ්..මෝඩි කෑ ගහන්න එපා...කාට හරි ඇහැයි..

❤️ උබට ඉතින් ඕක ඇහුන නැතෑ කියලා ප්‍රශ්නයක් නෑනේ...ජියෝන් ජන්ග්කුක්ගේ කෙල්ල නිසා බලපන් දැනුත් වටේම ඉන්න කෙල්ලො රවනවා...එතකොට කොලේජ් එකේ හැන්ඩ්සම්ම කොල්ලාගේ නංගි කියලා දැනගත්තාම කොහොම තියෙයි ද 😂😂

🐱 MeOw 🐱 || YG || Completed Where stories live. Discover now