Jimin pov
🐥 ඩොක්ටර් රිපෝර්ට් ආවද ??
රිපෝර්ට් බලලා ඩොක්ටර්ගේ මූන අදුරු වුනාම මගේ හිතට පොඩි බයක් දැනුනා..දැන් මාසෙක වෙලේ ඉදන් මේ කැරකිල්ල තියෙන්නේ...මහන්සි උන නිසා වෙන්න ඇති කියලා මන් ගනන් ගත්තේ නෑ..ඒත් එදා චූටි එක්ක නිදාගත්ත දවසේ මට කැස්සක් ඇවිල්ලා රෑ ඇහැරුනා...අමාරුවෙන් වතුර ටිකක් බීලා මූන හෝදනකොට තමයි දැක්කේ මගේ නහයෙන් ලේ එනවා...මුලදී ඒක ගනන් නොගෙන හිටියට පස්සේ එන කැරකිවිල්ල වැඩි උනා..ඇගම රිදෙනවා උන ගන්න වගේ...කහිනකොට ලේ එන්න පටන් ගත්තා...ඒ නිසාමයි මන් ඩොක්ටර් කෙනෙක් හම්බුවෙන්න ආවේ..නම්ජුන් හ්යුන්ග් ලගට නොගිහින් වෙන කෙනෙක් ලගට ගියේ මට පොඩි අසනීපයක් උනත් එයාලා කලබල වෙන නිසා..
💉 ජිමින් ඔයාගේ ෆැමිලි එකේ කවුද ඉන්නේ ??
🐥 මායි නංගිලා දෙන්නයි
💉 එතකොට ඔම්මායි අප්පායි ??
🐥 එයාලා පොඩි කාලෙදිම නැති උනා 🥺🥺
💉 ආහ් මියානේ ජිමින්
🐥 ඒකට කමක් නෑ ඩොක්ටර්...ඇයි මගෙන් ෆැමිලි එක ගැන ඇහුවේ ??
💉 මේකයි ජිමින්...මුලින්ම කියන්නකෝ ඔයා තනියමද ආවේ ??
🐥 දේ ඩොක්ටර්...මට බරපතල අසනිපයක්ද ඩොක්ටර් තියෙන්නේ 🥺🥺
ඩොක්ටර් එකපාරටම ෆැමිලි එකේ විස්තර අහනකොට මට බය හිතුනා..මට බරපතළ අසනීපයක් නම් තියෙන්නේ..මගේ පැටව් දෙන්නාට මොනවා වෙයිද..කවුද එයාලව බලාගන්නේ..
💉 ජිමින්...කලබල වෙන්න එපා..මේක බරපතල නෑ කියන්නත් බෑ...හැබැයි ජිමින්ගේ නංගිලා දෙන්නා ඉන්න නිසා අපිට bone marrow ගන්න පුලුවන් වෙයි
🐥 ඩොක්ටර් ??
💉 දේ ජිමින්..ඔයාට blood cancer එකක්
🐥 මෝ ?? 🥺🥺
Cancer එකක්..මට ඩොක්ටර් කියන ඒවා හීනෙන් වගේ ඇහෙන්නේ...අනි එහෙම වෙන්නෙ කොහොමද..මගේ පැටව් දෙන්නාව කවුද බලාගන්නේ..මාත් ගියොත් කවුද එයාලා ලග ඉන්නේ...මගේ කෙල්ලො දෙන්නා තනිවෙයි...ඇයි මෙහෙම මට කරන්නේ..මන් මොකක්ද කරපු වැරැද්ද දෙයියනේ...මන් මෙච්චර පව් කරලාද..
මටත් නොදැනිම මගේ ඇස් වලින් කදුලු ගලන්න පටන් ගත්තා..
YOU ARE READING
🐱 MeOw 🐱 || YG || Completed
Fantasyකතාවක් තියෙනවා සමහර බැදීම් ඒ ඒ ඍතුවල පැහැය ගන්නවා කියලා.. අරන් තවත් සියුමැලි වෙනවා කියලා.. ඒත් සමහර බැදීම්.. මොන ඍතුවේකදි උනත්... තමන්ට ආවේනික පැහැය අරගන්නවා.. සිනහා වෙන්න... අද වෙනුවෙන් ජීවත් වෙන්න.. කවුද දන්නෙ... හෙටක් තියේද ?? නැද්ද කියලා ?? ගෙදර...