Final chapter

620 139 40
                                    

After 3 years

🧡 චූටි...ඔය පූසෝ හුරතල් කරන එක නවත්තලා ලෑස්ති වෙනවා..graduation එකට යන්නෙ නැද්ද ??

❤️ දේ ඔන්නි...ඔප්පා කෝ ??

🧡 එයා ඔෆිස් එකට ගියා...වෙලාවට එයි..

❤️ අරස්සෝ...

අවුරුදු තුනක් ගිහින්...සෝයා මේ අවුරුදු තුනම කරේ යූන්ගි කියලා හිතෙන හැම පූසාම ගෙදර අරන් එන එක...ජිමින්ගේ ගෙදර දැන් මිනිස්සුන්ට වඩා ඉන්නේ පූසෝ...පූසෝ බන්ගලාවක් වගේ..ජිමින්ගේ වැඩේම චූටි ගේන පූසෝ ආයි පූසෝ බලාගන්න තැන් වලට ගිහින් දාන එක...

සූයාට ආයි සිහිය එනකොට හැමදේම මතක් උනා..
සූයාට හැමදේම අමතක උනත් කෙල්ලට ජිමින්ව සැරෙන් සැරේ හීනෙන් පේන්න පටන් ගත්තා..ඒ නිසායි කෙල්ල ජිමින්ව එදා දැක්කාම බය උනේ..
චූටි පීහුත් දැන් ඉන්නේ ජිමින්ගේ ගෙදර..එයාගේ අප්පා හැමදේම අතෑරලා රට ගියා..පීහුවත් අරන් යන්න හැදුවත් දිගටම පීහුගේ ඔම්මා විදියට සූයා ඉන්න තීරණය කරා..කසාද නොබැදම ටේත් අප්පා උනා..මුල් කාලේ පීහු බය උනාට දැන් නම් එයාට ටේගෙන් තොර ලෝකයක් නෑ..

වැරදි වැටහීම් ඔක්කොම හදාගෙන සූයා- ටේ ආදර කතාව වගේම ජිමින් - ඉයුන්හා ආදර කතාවත් ආයි පටන් ගත්තාට සෝයා තාමත් එතනමයි..එයා තාමත් එයාගේ ආදරේ එනකම් බලාගෙන ඉන්නවා.. ජිමින් උනත් තාමත් යූන්ගි ආයි එයි කියන විශ්වාසය අතෑරලා නෑ...

ටේ,ජිමින් ,හොබි Final year එකේ හිටිය නිසා කොලේජ් ඉවර උන ගමන් හොබි සේහි දෙන්නා මැරි කරා..ටේ, ජිමින් දෙන්නා නිල වශයෙන්ම KM Company එකෙයි PJM group එකෙයි CEO උනා..ඒ වගේම මේ වෙනකොට කොරියාවේ ඉහලින්ම තියෙන කොම්පැනි තුන වෙන KM, PJM , Jeon company තුනම එකතු කරලා එයාලා KPJ group එක හදන්න පුලුවන් වුනා.

අද සූයා, සෝයා, ටේජි, ජන්ග්කුක් හතර දෙනාගේ graduation එක...සූයා දක්ෂ නිසාම එයාට පුලුවන් උනා ඉක්මනට exam ලියලා සෝයාලා එක්කම කොලේජ් යන්න...ටේගේ කොලේජ් එක නිසා වගේම සෝයාත් හිටියේ 1st year එකේ නිසා සූයාට එයාල එක්කම ඉගෙන ගන්න එක ප්‍රශ්නයක් උනෙත් නෑ..

කට්ටියම ලෑස්ති වෙලා කොලේජ් එකට ඇවිල්ලා ඉන්නේ..සෝයා අන්තිම පාරට කොලේජ් එකේ තිබ්බ ලයිබ්‍රි එකට ගියා..ලයිබ්‍රි එකේ එහේ මේහේ කැරකි කැරකි ඒක දිහා බලන් ඉන්නකොට සෝයට දෙයක් මතක් උනා..ඔව්..ඒ පොත..

🐱 MeOw 🐱 || YG || Completed Where stories live. Discover now