ඔප්පායි මායි එලියට එනකොට කෙල්ලො කොල්ලො ඔක්කොම කාර් පාර්ක් එකෙ කාව හරි වටකරගෙන ඉන්නවා පේනුනා.
" ඒ එයා මාර හැන්ඩ්සම් අප්පා "
" වාව්..සුපිරි...සල්ලිකාරයෙක් ද කොහෙද ?? "
" උබ දැක්කාද එයාගේ කාර් එක "
" කාව හරි එක්කන් යන්න ඇවිල්ලා තියෙන්නේ මන් හිතන්නේ "
" කවුද අනේ ඒ වාසනාවන්ත කෙල්ල "
" එයාගේ අමුතු කියුට් ගතියකුත් තියනවා නේද "
" එයාගේ හම බලන්නකෝ..සුදුම සුදු පාටයි "
" පූස් පැටියෙක් වගේ "
❤️ මෝ ?? පූස් පැටියෙක් වගේ..??
මායි ඔප්පායි මූනට මූන බලාගත්තේ මෙතන මේ කවුරු ගැනද කට්ටිය වට වෙලා කතා කරන්නේ කියලා හිතාගන්න බැරුව..කොච්චර පිස්සු හැදිලද කියනවා නම් මෙතන ඔප්පා ඉන්නවා කියලාවත් සිහියක් නෑ..
අපි දෙන්නාගේ කල්පනාව බිදලා එකපාරටම මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.
📲
යාහ් චූටි...ඉන්න තැනකින් ජිමින් එක්ක එනවා..
ඇයි ඇයි ??
මෙතන ඔක්කොම උන් මාව වටකරගෙන..අයියො මට බයයි අප්පා..
ඉන්න එනවා
📲
ෆෝන් එක කට් කර ගමන් මට හිනා ගියා.. මනුස්සයෙක් වගේ හිටියාට ඉතින් එයා පූසෙක්නේ..මිනිස්සු ගොඩක් ඉන්න තැන් වලට එයා බයයි කියලා මට අමතක උනා..
🐥 මොකද චූටි හිනා වෙන්නේ ??
❤️ ඔප්පා ගිහින් යූන්ගි ඔප්පාව බේරගන්න..එයා බය වෙලා 😂😂
මන් හිනා වෙවී කිව්වාම ඔප්පාට වැඩේ තේරුනා.. මේ නිසාමයි එයා මාව එක්කන් එන්න ද ඇහුවට මන් එපා කියන්නේ...
YOU ARE READING
🐱 MeOw 🐱 || YG || Completed
Fantasyකතාවක් තියෙනවා සමහර බැදීම් ඒ ඒ ඍතුවල පැහැය ගන්නවා කියලා.. අරන් තවත් සියුමැලි වෙනවා කියලා.. ඒත් සමහර බැදීම්.. මොන ඍතුවේකදි උනත්... තමන්ට ආවේනික පැහැය අරගන්නවා.. සිනහා වෙන්න... අද වෙනුවෙන් ජීවත් වෙන්න.. කවුද දන්නෙ... හෙටක් තියේද ?? නැද්ද කියලා ?? ගෙදර...