oppa 🐥

490 152 28
                                    

Jimin pov

අද නත්තල්....😓😓

කාලයක් ආසාවෙන් එනකම් බලන් හිටිය දවසක් වුනත් දැන් ඒ දවස කැලැන්ඩරේ නැත්තම් කියලා මට හිතෙනවා..

ඒත් මන් හැමදාම මෙහෙම ඉදලා හරියනවාද ??
ටේජි කිව්ව දේවල් ඇත්ත නම් මන් මගේ චූටිට රිද්දනවා නේද ??

Flashback

මායි ,හොබි ,ටේයි කොලේජ් එක ඇතුලේ කතා කර කර හිටියේ....ටේ නම් ඉස්සර වගේ නෙමෙයි..හරිම අඩුවෙන් කතා කරන්නේ...දෙවැනි ඉන්න කාලේ නම් ටේගේ කට කටර් එකක් වගේ...ඒත් දැන්..ටේ හුගක් නිශ්ශබ්දයි...එයා තාමත් හිතන්නේ දෙවැනිව අපිට නැති උනේ එයා නිසා කියලා...ඒ නිසාම වෙන්න ඇති ඉස්සර වගේ මගේ මූන බලාගෙන කෙලින් කතා කරන්න එයාට ශක්තියක් නෑ...ඒත් මන් දන්නවා ටේ ඔයා වැරදි නෑ කියලා...

අපි කතා කර කර ඉන්නකොට එකපාරටම කවුරු හරි ඇවිල්ලා මාව බදාගත්තා..එයා අඩනවා කියලා බදාගත්ත ගමන් මගේ පපුවට දැනුන තෙත් ගතිය නිසා දැනුනා..එකපාරටම උන දේ නිසා මන් පුදුම උනත් ඒ කවුද කියලා මට අදුරගන්න අමාරු උනේ නෑ...මොකද මේ ලෝකේ මාව බදාගන්න තරම් ශක්තියක් තියෙන එකම කෙල්ලයි දැන් ඉන්නේ.. ඔව්...ඒ චූටි..මගේ නංගි...මගේ ලෝකේ....ඒත් ඇයි එයා අඩන්නේ...අනික එයා කවදාවත් මෙහෙම හැසිරිලා නෑ...අඩුම එයා මන් එයාගේ ඔප්පා කියලාවත් කොලේජ් එකේ කාටවත් කියන්න කැමති නෑ...එහෙම එකේ ඇයි මේ...??

🐥 චූටි...ඇයි මේ...

මන් එහෙම ඇහුවම එයා මාව තවත් තද කරලා බදාගෙන අඩන්න ගත්තා..ක්ලාස් එකේ හැමෝම ලමයි අපි දිහා බලාගෙන ඉන්නවා...ටේගේ මූනෙන් පෙනුනා එයාත් බය වෙලා ඉන්නේ කියලා..මන් දන්නවා ටේත් මන් තරම්ම චූටිට ආදරෙයි..එයාගෙම නංගි කෙනෙක්ට වගේ ටේ චූටිට ආදරෙයි..

🐯 චූටි...මොකද මේ...ඇයි අඩන්නේ ??

ටේ මගේ තුරුලේ අඩන චූටිගේ ඔලුව අතගාලා ඇහුවත් කෙල්ල තවමත් ඉකි ගහනවා..

🦄 චූටි...අඩන්නේ නැතුව කියන්න ලමයෝ...

🐥 චූටි ඔප්පා දිහා බලන්න...කෝ සන්සුන් වෙන්න..

🐱 MeOw 🐱 || YG || Completed Where stories live. Discover now