angel 🌹

476 142 11
                                    

Jimin pov

ඒන්ජල් ගෙදර යන්න හදනකොට මට එක්කන් යන්න ඕන උනත් චූටි ලගින් යන්න මට හිතුනේ නෑ.. අන්තිමට යූන්ගි හ්‍යුන්ග් එයා ලග ඉන්නම් කිව්ව නිසා මන් ඒන්ජල්ව එක්කන් යන්න කැමති උනේ..

මොන හේතුව නිසාද මන් දා යූන්ගි හ්‍යුන්ග් ලග මට චූටිව තියලා යන්න කිසිම බයක් දැනෙන්නේ නෑ.. මටත් වඩා චූටිව හ්‍යුන්ග් පරිස්සම් කරනවා කියලා මගේ හිත හැමවෙලේම කියනවා..

ඉයුන්හා බෑ කියද්දි මන් එයාව එයාගේ අතින් ඇදගෙන මන් කාර් එකට ආවේ එයාව ගෙදර එක්කන් යන්න..යනකම් ඉයුන්හා වචනයක්වත් කතා කරේ නෑ..

🐥 ඉයුන්හා

🌹 දේ ජිමින්

🐥 මට ඔයත් එක්ක කතා කරන්න ඕන

මන් එහෙම කිව්වාම එයාගේ බෝල ඇස් ලොකු වෙලා ඇයි අහන්න වගේ මගේ මූන බැලුවා.

🐥 මාත් එක්ක ගමනක් යමුද ?

🌹 ඒත් සෝයා

🐥 එයා ලග යූන්ගි හ්‍යුන්ග් ඉන්නවානේ..මටත් වඩා මට එයාව විශ්වාසයි

කෙල්ල හා කිව්වා..ඇත්තටම හ්‍යුන්ග් ගැන ඇයි මට මෙච්චර විශ්වාස..

එක එක දේවල් හිත හිත මන් ඇවිල්ලා තිබ්බේ බීච් එකට...කාලයක් මගේ ආසම තැන...දැන් මෙතන මතක පිරුණු තැනක් විතරයි..බීච් එක දිහා බලන් ඉදලා ලොකු හුස්මක් අරන් ඉයුන්හා එක්ක කාර් එකෙන් බැහැලා බෙන්ච් එකක් ලග වාඩි උනා.

එයත් මුකුත් ම නොකියා මගේ ලගට වෙලා හිටියා. මට තේරෙන්නෙ නෑ..මට එයා ලග විවෘත වෙන්න පුලුවන් කියලා හිතනවා..මගේ හිත හැදෙනකම් එයා මන් කියන දේවල් අහගෙන ඉදිවිද ??

🌹 ජිමින් අපේ ජීවිතෙත් හරියට මුහුද වගේ... ඔහේ තියෙනවා..හුලං හමන පැත්තට රැල්ල ගහගෙන යනවා..සමහර වෙලේට නිශ්ශබ්දයි..සමහර වෙලේට දරුණුයි..ඒත් කෙලවරක් නැති මුහුද ලස්සනයි..

මන් ටිකක් එයාගේ මූන දිහා බලන් හිටියා..ඈත පේන මුහුදේ කෙලවර දිහා සියුම් හිනාවක් එක්ක එයා හරිම සන්සුන්ව බලාගෙන ඉන්නවා..එයා නොකිය කිව්වේ මොන දේ උනත් අපේ ජීවිතේ ලස්සනයි කියලා ද ?? ඒත් මගේ ජීවිතේ ලස්සන කොහේද ?? මන් ම හැමවෙලේම මගේ ජීවිතේ ලස්සන දේවල් විනාස කරගන්නවා..

🐱 MeOw 🐱 || YG || Completed Where stories live. Discover now