After 2 month
ජීවිතේ සමහර දේවල් අපිට ඕන විදියට වෙන්නේ නෑ නේද..අපිට ඕනෙ විදියට බැරි නම් අඩුම අපිට දුකක් නොදෙන විදියට වෙන්න තිබ්බා..
මේ මාස දෙකට හැමදේම වෙනස් උනා..
මගේ ලගින්ම හිටපු ඔප්පාත් වෙනස් උන එකයි මට තේරුම් ගන්න බැරි..මට තියා කාටවත්ම ඒක තේරුම් ගන්න බැරුව ඇති..
ඇයි ඔප්පා මෙහෙම හැසිරෙන්නේ ??ඔෆිස් එකේ වැඩ ඔක්කොම වගේ බලාගන්නේ යූන්ගි ඔප්පායි, ටේ ඔප්පායි, ජින් ඔප්පායි..ඔප්පා ඒක පැත්ත පලාතක යන්නේ...අඩුම ගෙදරවත් ඉන්නේ නෑ..කොහෙ යනවාද කියලා කිසිම කෙනෙක් දන්නෙ නෑ..
ඔප්පාගේ මේ එකපාරටම වෙනස් වීම මට දරාගන්න බෑ..මට කියලා මේ ලෝකෙන් ඉන්නෙත් එයා විතරයි..දැන් එයත් මගෙන් අයින් වෙලා ඉන්නේ.. ආයි පාරක් මේ මාලිගාවේ ඇතුලේ මන් තනි උනා වගේ මට දැනෙන්නේ...ඉස්සරත් මන් තනි වුනාට ඔප්පා අඩුම මැසේජ් එකක් හරි දානවා..ඒත් දැන් එයා මාත් එක්ක කතා කරන්න තියා මගේ මූනවත් බලන්නේ නෑ..
උදෙන්ම ගෙදරින් යනවා..කීයට එනවාද කියලා දන්නේ නෑ..අජුම්මාගෙන් ඇහුවම කියනවා එයා එන්නේ පාන්දර 1 ත් පහු වෙලා කියලා..කොහේ යනවාද කියලා කවුරුත්ම දන්නේ නෑ..වෙනදාට හිතේ තියන හැමදේම ටේ ඔප්පා එක්ක හරි යූන්ගි ඔප්පා එක්ක හරි කියන එයා දැන් ඒ දෙන්නා එක්කවත් කතා කරන්නේ නෑ..
දැන් පාන්දර 1යි වෙලාව..මට අද ඔප්පා එක්ක කොහොම හරි කතා කරන්න ඕන..එයා මෙහෙම හැසිරෙන විදිය මට බලාගෙන ඉන්න බෑ..අද ජීවිතේ පලවෙනි වතාවට ටේ ඔප්පාටත් කෑ ගැහුවා.
මගේ අහින්සක මූචි එකපාරටම රාක්ෂයෙක් උනේ කොහොමද දෙයියනේ...මොකක්ද අපිට උනේ..ඒ අස්සේ කලු හූඩියක් ඇදන් ඉන්න කෙනෙක් අපේ පස්සෙන් පන්නනවා මන් දැකලා තියෙනවා..ගේ ඉස්සරහත් හිටන් ඉදලා එකපාරටම අතුරුදහන් වෙනවා මන් දවස් පහක් විතර දැක්කා..ඒ කවුද ??
මේ මාස දෙකට හොද දේකට කියලා සිද්ද උනා නම් සිද්ද උනේ දෙවැනි තාම ජීවත් වෙනවා කියලා හොයාගන්න පුලුවන් උන එක විතරයි..එතනින් එහාට කිසිම තොරතුරක් එයා ගැන නෑ...ඇයි දෙවෙනි හැංගිලා ඉන්නේ..එන්නකෝ මන් ලගට.. මට පාලුයි...ඔයාත් නෑ...ඔප්පාත් නෑ...අඩුම කිටියාවත් මන් ලග නෑ...එයත් හැමවෙලේම ඔෆිස් එකේ..
YOU ARE READING
🐱 MeOw 🐱 || YG || Completed
Fantasyකතාවක් තියෙනවා සමහර බැදීම් ඒ ඒ ඍතුවල පැහැය ගන්නවා කියලා.. අරන් තවත් සියුමැලි වෙනවා කියලා.. ඒත් සමහර බැදීම්.. මොන ඍතුවේකදි උනත්... තමන්ට ආවේනික පැහැය අරගන්නවා.. සිනහා වෙන්න... අද වෙනුවෙන් ජීවත් වෙන්න.. කවුද දන්නෙ... හෙටක් තියේද ?? නැද්ද කියලා ?? ගෙදර...