necklace 🐱

484 148 27
                                    

Yoongi pov

චූටි හොස්පිටල් එකේ ඇදක් උඩ මෙහෙම ඇස් වහගෙන ඉන්නවා දකිනකොට මගේ පපුව පැලෙන්න තරම් වේදනයි...
නැගිටලා ඉස්සර වගේ කතා කරන්නකෝ චූටි...

කිටියා ගගා මට බනින්න...නැත්තන් ගහන්න..
එහෙමත් නැත්තන් මන් නිදාගෙන ඉන්නකොට හොරෙන් මගේ මූනට එබිලා බලන් ඉන්නකෝ..

මන් දන්නවා ඔයා ගැන චූටි...මන් දන්නවා ඔයාගේ හිතේ මන් ගැන තියෙන්නේ මොන වගේ හැගීමක් ද කියලා..සිහිය නැතුව හිටපු ටිකේ ඇස් ඇරගන්න බැරි උනාට ඔයා කියපු හැම දෙයක්ම මට හොදට ඇහුනා..

ඔයාටත් වඩා මන් ඔයාට ආදරෙයි චූටි...ඔයාව දැක්ක පලවෙනි දවසේ ඉදන්ම මන් ඔයාට ආදරෙයි.. එදා ශොප් එකේදී ඔයා මගේ ඇගේ හැප්පුන වෙලේ ඉදන් මන් ඔයාට ආදරෙයි..

ඒත් මට බය හිතුනා ඔයාට ආදරේ කරන්න.. මට ආයි යන්න උනොත් ඔයාට මන් නැතුව ඉන්න බැරි වෙයි.. ඒත් දැන් මේ වෙලා තියෙන දේ මට තේරෙන්නෙ නෑ..ඔයාට කොච්චර රිදෙනවා ද කියලා මට දැනෙනවා මැණික...

🐥 යූන්ගි හ්‍යුන්ග් ??

🐱 ආහ් ජිමින්...ඩොක්ටර් මොකද කිව්වේ ??

🐥 චූටිට දැන්ම සිහිය එන එකක් නෑ කිව්වා

🐱 බය වෙන්න එපා ජිමින්...එයාට මුකුත්ම වෙන්නෙ නෑ

ජිමින් මාව බදාගෙන අඩන්න ගත්තා..මන් ආස නැ තමයි මාව බදාගන්නවාට...ඒත් ජිමින්ට මේ වෙලේ මාව ඕනේ..ඒ නිසා එයාට එයාගේ වේදනාව නැති වෙනකම් අඩන්න දීලා මන් සද්ද නොකර හිටියා..
පව් කොල්ලා..දැන් පැය ගානක් තිස්සේ අඩනවා.. මන් දැක්කාමයි ජිමින් මෙච්චර අඩනවා..

🐱 ජිමිනා දැන් ඇඩුවා ඇති ලමයෝ...චූටි හොදින් ඉන්නවනේ

🐥 චූටිට මෙහෙම උනේ මන් නිසායි හ්‍යුන්ග්..මන් නිසා හැමෝටම වෙන්නෙ කරදර..මන් මහ මූසලයි හ්‍යුන්ග්

🐱 කවුද ජිමින් මූසලයි කියලා කියන්නෙ ?? ආහ්.. ඔයා එහෙම නම් යන්න තැනක් නැති මාව ඔයාගේ ගෙදර නවත්ත ගන්නවා ද ?? ඔයාගෙම හ්‍යුන්ග්ට වගේ සලකනවා ද ?? ඔයා හුගක් හොද ලමයෙක් ජිමින්...ඔයාටම වැරැද්ද පටවගන්න එපා..

🐥 ඒත් හ්‍යුන්ග් මන් නිසායි චූටිට මෙහෙම උනේ.. දෙවෙනිවවත් මට පරිස්සම් කරගන්න බැරි උනා.. මන් මොන වගේ අයියා කෙනෙක් ද හ්‍යුන්ග් 🥺🥺

🐱 MeOw 🐱 || YG || Completed Where stories live. Discover now