After week
Soya pov
කිටියා එක්ක සතියක් ගෙදර ඉදලා අද තමයි කොලේජ් ආවේ...ඔප්පා එක්ක යමු කිව්වාත් මන් වෙනම උදෙන්ම ආවේ මට කාලෙක ඉදන් කරගන්න බැරුව තිබුන පොඩි වැඩක් කරන්න තිබ්බ නිසා..
කිටියාත් හරි හොද පොරක්..ලේසියෙන් කතා කරන්නේ නැති උනාට එයා හුගක් හොදයි..ඊටත් වඩා එයා ලගදි මගේ හදවත අවුරුදු උත්සව තියන එක තමා මට පෙන්නන්න බැරි..ඔප්පා කිව්වානේ එයාගේ නම යූන්ගි කියලා..කිටියා කියන්න එපාලු.. යූන්ගි ඔප්පා කියන්නලු...
අපේ ඔප්පාටත් මළවිකාර..මේ කිටියා ඔප්පාට වශියක්වත් කරලද දන්නෙ නෑ.. ඇයි යකෝ මගේ ඔප්පාලා ටිකයි , මාරි කුක්කායි එක්ක හැරෙන්න ඔප්පා ඔහොම හිනා වෙවී කාත් එක්කවත් කතා කරන්නේ නෑ...මූට දැන් කිටියාගෙන් තොර ලෝකයක් නෑ 😒😒
යූන්ගි හ්යුන්ග්...යූන්ගි හ්යුන්ග්...කටේම තියෙන්නේ ඒ නම...ඔෆිස් එකේ වැඩ වලටත් කිටියා දැන් ගෙදර ඉදන් ඔප්පාට උදව් කරනවා..මොනවා නැත්තත් මිනිහා මොලකාරයා..තාම කිටියා ගැන දන්නේ අපි දෙන්නා හැරෙන්න ටේ ඔප්පායි, කුකී , ටේජි විතරයි.. අජුම්මාත් මේ දවස් ටිකේම ගෙදර හිටියේ නෑ..
ටේ ඔප්පා අනිත් එකා..එයාටත් දැන් මන් වගේ නංගියෙක් ඉන්නවා කියලා පේන්නේ නෑ..අපේ ගෙදර එන්නේ එයාලගේ ආදරණීය යූන්ගි හ්යුන්ග් හොයා ගෙන..😒😒
ඒත් මට එක දෙයක් ගැන සතුටුයි...කිටියා නිසා ඔප්පලා දෙන්නා හිනා වෙලා ඉන්නවා..දෙවැනි ගැන තාම ආරංචියක් නැතත් එයා තාම ජීවත් වෙනවා කියන වචන ටිකම අපේ නැති උන පරන හිනාව, සතුට ගේන්න පුලුවන් උනා..
ඒත් දෙවැනි ඇයි අපෙන් හැංගිලා ඉන්නේ ??
එයා ජීවත් වෙනවා නම් අපිව හොයන් එන්න එපැයි..ඇයි එයා එහෙම කරන්නේ ??
එයා හොදටම දන්නවා එයා නැතුව අපිට ජීවත් වෙන්න බෑ කියලා 😣😣💚🐰 සෝයා...
මගේ හීන ලෝකේ බිදගෙන ටකරමී එයාගෙ වෙන්ඩ ස්වාමිපුරුෂයායි ක්ලාස් එක දෙවනත් වෙන්න කෑ ගැහුවා...හරිනේ ආයි ඔක්කොම මට දාගෙන රවනවා..
❤️ මොකද කෑ ගහන්නේ 🤨
💚 මේ උබ දන්නවා ද වැඩක්...
YOU ARE READING
🐱 MeOw 🐱 || YG || Completed
Fantasyකතාවක් තියෙනවා සමහර බැදීම් ඒ ඒ ඍතුවල පැහැය ගන්නවා කියලා.. අරන් තවත් සියුමැලි වෙනවා කියලා.. ඒත් සමහර බැදීම්.. මොන ඍතුවේකදි උනත්... තමන්ට ආවේනික පැහැය අරගන්නවා.. සිනහා වෙන්න... අද වෙනුවෙන් ජීවත් වෙන්න.. කවුද දන්නෙ... හෙටක් තියේද ?? නැද්ද කියලා ?? ගෙදර...