After 5 years
Soya pov
අවුරුදු පහක්...
මේ අවුරුදු පහ මගේ ජීවිතේ ලස්සනම කාලේ..
මීරාගේ අප්පා කරපු හැම වැරැද්දක්ම පාපොච්චාරනය කරලා ජීවිතාන්තය දක්වා හිරේ ගියා..මීරා යූන්ගි ඔප්පාට වෙඩි තිබ්බාත් ඔප්පා අතුරුදහන් උන නිසා එයාට එකට චෝදනා කරන්න බැරි උනා..ඒ නිසා මිනිමැරීමට තැත් කිරීම, පැහැරගැනීම වගේ චෝදනා වලට අවුරුදු 10ක සිර දඩුවමක් එයාට ලැබුනා..ඉස්සර දගකාර චූටි දැන් අවුරුදු හතරක පුතාලා දෙන්නෙක්ගේ ඔම්මා කෙනෙක්...මගේ කිටියා පුතාල දෙන්නෙක්ගේ අප්පා කෙනෙක්..එයාලත් ඉතින් මගේ පූස් පැටියා වගේම තමයි...ආහ්..දැන් එයා කිටියා නෙමෙයි.. එයා යූන්ගි ඔප්පා..එයාගේ හැමදේම එයා අතෑරලා මන් ලගට ආවේ මනුස්සයෙක් වෙලා..
අපේ ඔප්පා නම් ඒකට කැමති නෑ..එයාට ඕන වෙලා තිබ්බේ මගේ දරුවන්ටත් පූස් පැටව් වෙන්න පුලුවන් ද බලන්නලු...එයා නම් කවදා හැදෙයි ද දන්නෙ නෑ🙂මගේ චුටි කොල්ලො දෙන්නාට අමතරව තව පූස් කොල්ලෙකුත් ඉන්න නිසා ලමයි තුන් දෙනෙක්ගේ ඔම්මා කෙනෙක් වගේ තමයි ඉතින්..යූන්ගි ඔප්පාගේ වැඩේම ඉතින් කොහේ හරි මුල්ලක නිදාගන්න එක.. මනුස්සයෙක් උනා කියලා එයාගේ ගති නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ..
ඉයුන්හා ඔන්නිවත් එයාව හදලා ගත්තොත් ඇති.. ආහ් මගේ ඔප්පා දැන් අවුරුදු පහක කෙල්ලෙක්ගෙයි, අවුරුදු තුනක කොලු පැටියෙක්ගෙයි අප්පා කෙනෙක්...ඔප්පාගේ පුංචි කුරුලු කූඩුව දැක්කාම ආස හිතෙනවා..ඔප්පා කොච්චර බිසී උනත් ඉයුන්හා ඔන්නි එයාව තෙරුම් ගන්න විදිය හරිම පුදුමයි...ඔප්පා අපිට ආදරණීය සහෝදරයෙක් වගේම එයාගේ චූටි පැටව් දෙන්නාටත් එයා ආදරණීය අප්පා කෙනෙක්..ඒ වගේම එයා ආදරණීය සමෝච්චන් කෙනෙක්.. මගෙයි ඔන්නිගෙයි බබාලාටත් ජිමින් සමෝච්චන්ගේන් තොර ලෝකයක් නෑ...ඔව් ඉතින් ඒ මගේ මූචිනේ...
මේ ලෝකේ මන් දැක්ක ආදරණීයම සහෝදරයා..
වචන වලට පෙරලන්න බැරි ඒ ආදරේ තාමත් කිසිම වෙනසක් නැතුව ඒ ඇස්වල තියෙනවා...
මගේ සහෝදරයාට වඩා එයා මගෙයි ඔන්නිගෙයි අප්පා...ආදරණීය චූටි අප්පා...
YOU ARE READING
🐱 MeOw 🐱 || YG || Completed
Fantasiaකතාවක් තියෙනවා සමහර බැදීම් ඒ ඒ ඍතුවල පැහැය ගන්නවා කියලා.. අරන් තවත් සියුමැලි වෙනවා කියලා.. ඒත් සමහර බැදීම්.. මොන ඍතුවේකදි උනත්... තමන්ට ආවේනික පැහැය අරගන්නවා.. සිනහා වෙන්න... අද වෙනුවෙන් ජීවත් වෙන්න.. කවුද දන්නෙ... හෙටක් තියේද ?? නැද්ද කියලා ?? ගෙදර...