Memory 🙄

427 126 13
                                    

Taehyung pov

ජිමින්ගේ අසනීපේ දැන ගත්ත වෙලේ ඉදන් මගේ ඔලුව පිස්සු වගේ...මන් කොහොමද එයාට එහෙම යන්න දෙන්නේ...පොඩි කාලේ ඉදන් මගේ යාලුවටත් වඩා ජිමින් කියන්නේ මගේ සහෝදරයා..ටේජි කියන එක ඇත්ත ජිමින් ඒන්ජල් කෙනෙක්..

මන් දන්නේ නෑ මන් සූයාට ආදරේ කරන්න පටන් ගත්තේ කොයි කාලේ ද කියලා...ඒත් පොඩි කාලේ මට තේරෙන වයසක් එනකොට මන් චූටිට මගේම නංගිට වගේ චූටි කිව්වාට සූයාට දෙවැනි කියලා කතා කරේ නෑ...චූටි , සූයා එක වගේ උනාට ඒ දෙන්නාගේ හැසිරීම වෙනස්...

සූයාගේ තියෙන අහින්සක කම, හුරතල් ගතිය, ඔම්මා කෙනෙක් වගේ අපිව බලාගන්න එක , චූටිට වගේම ටේජිටත් ඔන්නි කෙනෙක් වගේ ඉන්න එකට මගේ හිත ඇදිලා ගියා..සූයාගේ මන් ආසම ඒ අහින්සක කමට...කිසිම කෙනෙක්ට හිත රිදෙන්න වචනයක්වත් එයා කියන්නේ නෑ...ඔව් ඉතින් ඒ මගේ පාර්ක් සූයන්ග් නේ...මගේ සූ...

සූයා ගැන මගේ හිතේ තියෙන දේ මුලින්ම දැනගත්තේ ජීමින්..මට චූටිට වඩා සූයා ගැන දැනෙන හැගීම් වෙනස් කියලා දැනුනාත් ඒක ආදරේ කියලා හිතන්න මන් බය උනා..මොකද ටේජි, චූටි වගේම සූයා කියන්නේත් මගේ නංගි...මට බය හිතුනා මේ හැගීම නිසා මට මගේ ආදරේ තියා නංගිවත් නැති වෙයි කියලා...ඊටත් වඩා සහෝදරයෙක් වගේ මගේ ලග හිටපු ජිමින්ව මට නැති වෙයි කියලා..

අප්පා බිස්නස් වලට හිර වෙනකොට ඔම්මාගේ වගේම අප්පාගේ ආදරෙත් මටයි ටේජිටයි නැති උනා..ඒ ආදරේ දුන්නේ පාර්ක් ඔම්මායි, පාර්ක් අප්පායි...ඔව්...මායි ටේජි ජිමින්ගේ ඔම්මාටයි අප්පාටයි කතා කරෙත් ඔම්මා,අප්පා කියලා තමයි..

ටේජි හම්බුවෙන්න ඉන්නකොට මගේ ඔම්මා අප්පාටයි මටයි චූටි සුරන්ගනාවියක් දීලා අවුරුද්දකින් වගේ අසනීප වෙලා අපිව දාලා යන්නම ගියා..එදා ඉදන් චූටිගේ, සූයාගේ වගේම ටේජිගෙයි, මගෙයිත් ඔම්මා උනේ ජිමින්ගේ ඔම්මා..

ජිමින් එයාගේ ඔම්මාගේ ආදරේ මාත් එක්ක බෙදාගන්න දෙපාරක් හිතුවේ නෑ...එයාගේ ඔම්මාටත් ඔම්මා කියන්න කියලා කිව්වේ එයාමයි.. මට ඒ දවස තාමත් මතකයි..

🐥 තේ....ඔයාට ඔම්මා නැතුව පාලුද

අවුරුදු හතරක පොඩි කොලුවෙක් වෙච්ච මන් හිටියේ ඔම්මාගේ ග්‍රේව් එක ලග දනගහගෙන.. මගේ පිටිපස්සෙන් ජිමින් ඇවිල්ලා වාඩි උනා..අඩ අඩ හිටිය මාව එයගේ චූටි අත් වලින් අල්ලලා බදාගත්තා...

🐱 MeOw 🐱 || YG || Completed Where stories live. Discover now