Soya pov
හොස්පිටල් එකේ ඉදලා සති දෙකකට පස්සේ ඊයේ ගෙදර ආවේ..ඒකත් නම්ජුන් ඔප්පා ලග අඩලා අඩලා කැමැත්ත ගත්තේ...ටේජිගේ නම් කකුලේ බැන්ඩේජ් එක ගැලෙව්වා..මගේ අතේ එක තව ටික දවසක් තියන්න කියලා කිව්වා..ඔක්කොමත් හරි මේ අත කර වටේ ඔතාගෙන ඉන්න එකනේ බැරි කරන්න..
මගේ වැඩ කරගන්න ගොඩක් උදව් කරේ ඉයුන්හා ඔන්නි..ඔන්නි මගේම ඔන්නි වගේ උදව් කරනකොට මට ඕනවටත් වඩා දෙවැනිව මතක් උනා..කොච්චර රන්ඩු කරත් දෙවැනි මගේ ඔම්මා වගේ..මගේ විතරක් නෙමෙයි ඔප්පාගෙත් ඔම්මා වගේ හිටියේ දෙවැනි..
දෙවැනි ඔයා කොහෙද ඉන්නේ ??
මට පාලුයි ඔයා නැතුව🐥 චූටි ඔයා අඩනවාද මගේ මැණික ??
මටත් නොදැනිම මගේ ඇස්වල කදුලු පිරිලා..මන් ආස නෑ මගේ කදුලු ඔප්පා දකිනවාට..එයා මාව එයාගේ තුරුලට අරගත්තා.
❤️ අ..අනි ඔප්පා
🐥 ඔයාට දෙවැනි නැතුව පාලුයි නේද මැණික..මන් දන්නවා ඉයුන්හා ඔයාට උදව් කරනකොට ඔයාට දෙවැනිව මතක් වෙනවා කියලා..
ඔප්පාට මගේ හිත කියවන්න පුලුවන් ද කියලා හැම වෙලේම හිතෙනෙවා..මගේ හිතට දුකක් දැනෙන හැම වෙලේම මැසේජ් එහෙකින් හරි ඔප්පා මන් ලග ඉන්නවා..ඒ මගේ චිමීනේ ඉතින්...
❤️ හ්ම්ම්...
🐥 අපි ඉක්මනට එයාව හොයාගමු මැණික
තවත් ඔප්පාට මගේ දුක හංගලා වැඩක් නෑ.. මන් හිතන්නේ මගේ ජීවිතේ මට මගේ කියලා අය ලන් කරගන්න බැරුව ඇති...මුලින් ඔම්මායි අප්පායි, ඊටපස්සේ දෙවැනි, ඊලගට යූන්ගි ඔප්පා...මන් දන්නවා මගේ හිත යූන්ගි ඔප්පා ලග කියලා..ඒත් එයා මාව මගාරිනකොට මගේ පපුව පිච්චෙනවා වගේ..ඇයි එහෙම කරන්නේ...මන් දන්නවා යූන්ගි ඔප්පා මට ආදරෙයි කියලා..නිදාගෙන ඉන්න වෙලේට එයා ඇවිල්ලා බලලා නලලට කිස් එකක් දීලා යනවා මට දැනෙනවා..ඒත් ඇයි එයා එයාගේ ආදරේ මට පෙන්නන්න බය...මන් ඒකට සුදුසු නැද්ද ??
මට ඕන උනේ හයියෙන් අඩන්න...ඒ නිසාම මන් ඇති තරම් ඔප්පාට තුරුල් වෙලා ඇඩුවා..ඔප්පා මුකුත්ම කිව්වේ නෑ...එයත් අඩනවා කියලා මට තේරුනා.. ඒත් වෙනදා වගේ මගේ කදුලු හංගන්න මට ශක්තියක් තිබ්බේ නෑ..ඒ නිසා මට ඇති වෙනකම් මන් ඇඩුවා..
YOU ARE READING
🐱 MeOw 🐱 || YG || Completed
Fantasyකතාවක් තියෙනවා සමහර බැදීම් ඒ ඒ ඍතුවල පැහැය ගන්නවා කියලා.. අරන් තවත් සියුමැලි වෙනවා කියලා.. ඒත් සමහර බැදීම්.. මොන ඍතුවේකදි උනත්... තමන්ට ආවේනික පැහැය අරගන්නවා.. සිනහා වෙන්න... අද වෙනුවෙන් ජීවත් වෙන්න.. කවුද දන්නෙ... හෙටක් තියේද ?? නැද්ද කියලා ?? ගෙදර...