❤️ ටේ ඔප්පා....ටේජිට මුකුත් වෙන්නේ නෑ 🥺
මන් කොච්චර කතා කරත් කොලේජ් එකේ රූෆ්ටොප් එකේ ඉදන් එයා අහස දිහා බලන් ඉන්නවා විතරයි..ඇස් වලින් වැටෙන කදුලු වැටෙන්නෙ නොදි තියාගන්න හුගක් ට්රයි කරනවා..
මට බයයි ඔප්පා ආයි වෙනස් වෙයි කියලා..පරන ටේහ්යුන් එයාගේ සූයා එක්කම මැරිලා ගියා..දැන් ඉන්න ටේහ්යුන් මිනිස්සු ඉස්සරහ නපුරු විදියට හැසිරෙන සූයාගේ මතක එක්ක හුගක් දුර්වල වෙන කෙනෙක්...හ්ම්ම්...සූයා...ටේ ඔප්පාගේ පලවෙනි ආදරේ...අනි...එයා කියන විදියට එයාගේ අන්තිම ආදරේ...🐯 චූටි...
❤️ ඔප්පා ??
🐯 මට බයයි සූයා මාව දාලා ගියා වගේ ටේජිත් මාව දාලා යයි කියලා..🥺🥺
❤️ එහෙම වෙන්නෙ නෑ ඔප්පා..ටේජි ගැන අපි හැමෝටම වඩා ඔයා දන්නවානේ..ටිකක් මුරන්ඩු උනාට එයා මෝඩ තීරණ ගන්නෙ නෑ...
🐯 ඒත්...
❤️ ඔප්පා මෙහෙ එන්න..
මෙතනින් වාඩි වෙන්න..
ඔප්පාගේ අතින් ඇදන් ඇවිල්ලා මන් බෙන්ච් එකෙන් එයාව වාඩි කෙරෙව්වා..
❤️ ඔප්පා දෙවැනි නැති වෙලා දැන් අවුරුදු 3ක් වෙනවා..ඔප්පා තාමත් ඔහොම විදවනකොට එයා උඩ ඉදන් බලාගෙන දුක් වෙනවා ඇති..
🐯 ඒත් එයාට එහෙම උනේ මන් නිසයි චූටි...මායි එයාව මරාගත්තේ..
❤️ අනි ඔප්පා..ඒක ඔයාගේ වැරැද්දක් නෙමෙයි... අද ටේජි කුකී අතර උනා වගේ වැරදි වැටහීමක් විතරයි. ඔයාට වැරැද්ද දාගන්න එපා ඔප්පා...
🐯 ඒත් එදා එහෙම දෙයක් නොවුනා නම් මගේ සූයා තාමත් මාත් එක්ක ඉන්නවා චූටි..🥺🥺
❤️ එදා උනේ වෙන්න තියෙන දේ වෙන්න ඇති ඔප්පා..ඔයා හිතන්නේ මට රිදෙන්නෙ නෑ කියල ද.. ඒ නැති උනේ මගේ ඇගෙන් කොටසක්...මට දැනෙන්නේ මේ ලෝකෙන් භාගයක් නැති උනා වගේ.. ඒත් මන් ඔයාලා වෙනුවෙන් දරාගෙන ඉන්න උත්සාහ කරා... ඒත් ඔයායි ඔප්පායි තාමත් මෙහෙම විදවනකොට මන් කොහොමද දරාගෙන ඉන්නේ...ඔයාලා දෙන්නා කාවද මේ රවට්ටන්නේ... ම..මන් ඊයේ දැක්කා ඔප්පා රෑ හොදටම අඩනවා...අජුම්මාගෙන් මන් බල කරලා ඇහුවම එයා කිව්වා ඔප්පා හුගක් දවස් වලට රෑට හීනෙන් බය වෙලා ඔහොම අඩනවා කියලා..මන් දන්නවා ඔයාත් එහෙමයි කියලා..මට ටේජි කිව්වා.. ඔයා සමහර දවස් වලට අඩනවා ඇහිලා තියෙනවා කියලා...ඒ දවස් වලට ඔයා නොදන්නවා උනාට ටේජිත් අඩනවා....අමාරුවෙන් උනත් හිත හදාගන්න ඔප්පා.. මගේ හිතත් තාමත් පිලිගන්නේ නෑ දෙවැනි මාව දාලා ගියා කියලා..ඒත් ඒක ඇත්ත නම්....ඔයාට වැරැද්ද පටවගන්න එපා...ඔයාවත් ඔප්පාවත් මේවට වැරදි නෑ....මායි වැරදි...අද ටේජිව හොයන්න වගේ එදා මන් දෙවැනිව හොයන්න ගියා නම් මෙහෙම කිසි දෙයක් වෙන්නෙ නෑ....ඔයාලා කිසි කෙනෙක් වැරදි නෑ ඔප්පා...
YOU ARE READING
🐱 MeOw 🐱 || YG || Completed
Fantasyකතාවක් තියෙනවා සමහර බැදීම් ඒ ඒ ඍතුවල පැහැය ගන්නවා කියලා.. අරන් තවත් සියුමැලි වෙනවා කියලා.. ඒත් සමහර බැදීම්.. මොන ඍතුවේකදි උනත්... තමන්ට ආවේනික පැහැය අරගන්නවා.. සිනහා වෙන්න... අද වෙනුවෙන් ජීවත් වෙන්න.. කවුද දන්නෙ... හෙටක් තියේද ?? නැද්ද කියලා ?? ගෙදර...