ප්‍රොෆෙසර් ජියෝන්...ඇත්තටම ඔයා කොහොමද මෙහෙම දෙයක් හිතන්නෙ???මට ඒක කියන්න...
ඩොක්ටර් යීබො...අපිට මේ වෙලේ කරන්න පුලුවන් ලොකුම දේ මේක විතරයි ..
මොකක්ද ...එකපාර අරන් ගිහින් මරලා දාන එකද??ඔයා කොහොමද මෙහෙම කියන්නෙ...හුස්ම අල්ලන්න හදන මිනිස්සුන්ගෙ හුස්ම නැති කරන්න...ඇත්තටම ෆ්‍රොෆෙසර් ඔයාට කොහෙන්ද එහෙම අයිතියක්??
මේක මෙතනින් අපි නැවැත්තුවෙ නැතිනම්...කෙලිම්ම ගවර්මන්ට් එකෙන් එයාලව ඇටෑක් කරයි ... එහෙම උනොත්...ඒක මීට වඩා බරපතල වෙයි..අපි කරන්න පුලුවන් හැම දේම කෙරුවා ...ඒත් තව දුරටත් නම් බෑ...ඇත්තටම ඩොක්ටර් යීබො...මොලෙ කියන එක කලදක් එකක් නැද්ද ??
මට මොලේ කලදක් හරි තියන නිසා තමයි මං කියන්නෙ මේ කේස් එක යට නොගහා ඇයි මෙහෙම උනේ....කොහොමද මෙහෙම උනේ කියන එක හොයා ගන්න උත්සහ කරමු කියලා ප්‍රොෆෙසර් ....එතන ඉන්නෙ මැදි වයසෙවත් හෙට අනිද්දා මැරෙන්න ඉන්න මිනිස්සු වත් නෙවෙ ජීවිතේ හරි අඩක් වත් නොවිදපු තරුන ළමයි...අඩුම ගානෙ වයස විසි පහවත් සම්පූර්න නොවුන ළමයි....ඇත්තටම තමුන් ගෙ දරුවා මෙතන උන්නොත් හිත හදන් මරලා දාන්න පුලුවන්ද ප්‍රොෆෙසර්....ඒ ලමයිගෙ අම්මා තාත්තා බලන් ඉන්නෙ එයාලා සනීප වෙලා එනකන් මිසක් ඒ ඒ ළමයි මැරුනා කියලා අහන්න නෙවෙ...
එකපාර මිනිස්සු තිහ හතලිහක් අරන් ගිහින් ශූට් කරලා මරලා දානවට වඩා ඇයි ඒ මිනිස්සුන්ව ට්‍රීට් කරලා බේරගන්න උත්සහ නොකරන්නෙ ෆ්‍රොෆෙසර්???ආහ්..ඇයි මේක යට ගහල අත පිහදගන්න හදන්නෙ...???
හරි ඔයාලා කියන විදිහට අපි එයාලව ඉවරයක් කරා කියමු....මේ වගෙ තව හැංගිලා උන්නොත්...ඒ අයවත් මරනවද...මට උත්තර දෙන්න...???මේක දිගින් දිගටම ගියොත් ..රටෙන් බාගයක්ම මෙහෙම උනොත්....මට කියන්න ප්‍රොෆෙසර් ජියොන් මුලු රටම ඔයා මරලා දානවද ආ....හ්???ප්‍රොෆෙසර්..මේක seoul වත් බූසාන් වත් නෙවෙ..මේක ශැන්හයි..මේක මගෙ රට....ඒක තේරුම් ගන්න, නැතිවෙන්නෙ අපේ රටෙ ළමයි මිසක් ඔයාගෙ රටෙ අය නෙවෙ...
මං අතේ තිබුන හාර්ඩ් බෝර්ඩ් ෆයිල් එකෙන් මේසෙට ගැහුවා ... ෆයිල් ක්ලිප් සීසීකඩ ගියා...මට ඒ තරමට කේන්තිය....කොහොමද එහෙම කරන්නෙ....හරි ලේසි...අරන් ගියා ශූට් කෙරුවා ...බල්ලො බලල්ලුන්වද නෑනෙ ..