මාස්ටර් ...
ලෙලේ ...මට කෑම තියන්න එපා කාලා නිදා ගන්න..
ඒත්...
.......
හරි මාස්ටර් ..
තාත්තා කාරයා යනවත් එක්කම මං අතේ තිබුන සිකරට් කොටෙ එහෙම්ම ඩස්ට්බින් එකට දාලා කාමරේට ආවා..
යකො මූට මේ කොහෙවත් ඉන්න උන්ට පක්කඩි වැඩ කරන්න වෙලාව තියනවා මගෙ අම්මා ලෙඩ ඇදේ ඉන්නකොට තමා නිකන් හරි ඇවිල්ලා යන්න වෙලාවක් තිබුන් නැත්තෙ...
හිතේ තිබුන ආවෙගෙ එක්ක මං ශර්ට් එකත් ගලවලා දාලා කෙලිම්ම බාතෲම් එකට ගියා ...
පපා...ඇත්තටම මං හිතුවෙ මගෙ මමාව මතක් වෙලා ආවා කියලා...ඒත් නෑ උඹට කවදාවත් මගෙ මමාව මතක් උනෙ නෑ..හැබැයි අද උඹ ජීවත් වෙන්නෙ ගිනිගොඩක් උඩ කියන එක මං දන්නවා පපා...උඹට හොද වැඩේ ...අවංකවම හොද වැඩේ ....
මං කන්නාඩිය දිහා බලාගන මා එක්කම කතා කෙරුවා ...වෙලාවකට හිනා උනා ...දුකකුත් නැති...ඒත් සතුටකුත් නැති හැගීම් කියන්නෙ මොකක්ද කියන්න නොදන්න මහ අමුතු ජීවිතේක ඉදන් මං හුස්ම ගත්තා ...මගෙ ජීවිතේම හරියට බර්මියුඩාව වගේ....පතුලක් පේන්නෙ නැති අතුලෙ මොනවද තියෙන්නෙ නොදන්න හැගීම් කියන්නෙ මොනවටද කියන්න නොදන්න ගුප්ත ආගාදයක් වගෙ උනා....
හිස් මුදුනට වැටුන ලෝදිය වගෙ උනු වතුර හිස්කබල පුච්චගන පහලට යනකොට තත්පරයක් යන්න කලින් මගෙ මුලු ඇගම රතු උනා...ඒ තරමට වතුර රස්නෙයි...
බඩ ගාව තිබුන තුවාල කැලල උඩට හැමදාම වගෙ අදත් වෙනසක් නැතිව මගෙ ඇගිලි යනකොට උන් මට කරපු දේවල් මතක් උනා...දන්නවද සමහර තුවාල තියනවා සුව වෙලා අවුරුදු ගානක් ගියත් වේදනව අදටත් දැනෙන....එක තුවාල කැලලකට පුලුවන් වලදාපු අතීතයක් ආයම ගොඩ ගන්න...
අහන් ඉන්න පුලුවන්ද බැරිද මං දන්නෙ නෑ...ඒ කොහොම උනත් මං හිතනව ඔයා මේක දැනන් ඉන්න එක හොදයි කියලා .....මොකද හැම සාර්තක මනුස්සයෙක්ම ජීවිත කතාවක අදුරු පිටුවක් තියනවා මයි...හරියට මගෙ වගේ....
ඕන නම් මං හරි කෙටියෙන් ඔයාට කියන්නම්...මොකද මං එච්චර කතා කරන්න කැමති මනුස්සයෙකුත් නෙවෙ ඒකයි...