ම්ම්ම්..මේ...ක....ම්ම්ම්...මේ...ක.....ඕ....න..නෙ...ම්ම්ම්...ම්ම්ම්...ම්ම්.
ඕක දැන් කන්න බෑනෙ පුතෙ අපි ගෙදර ගිහින් කමු...අර බලන්න ඔක්කොම බලන් ඉන්නවනෙ...එතකොට පව්නෙ....නේ....
ම්ම්ම්ම්ම්.....ම්ම්ම්ම්...
එයා මගෙ ඇගේ දැවටි දැවටි ඒක එක.ගගා ඒක කන්න ඉල්ලුවා ලමයට බඩගිනිද මන්දා...උදේ කෑවෙත් ටිකයි....
ම්ම්ම්ම්...ම්ම්ම්..ඩො...ඩො...
ඕඕ....
මම උන්නෙ අම්ම කෙනෙක්ගෙ ප්රෙශර් එක බල බල...ඒත් එයා කතා කරපු නිසා මට හරියට කවුන්ට් කර ගන්න බැරි උනා...එයා මගෙ ඇගේ හේත්තු වෙලා.ඉන්නකොටම මම ඇස් දෙක වහන් අහන් උන්නා...
ප්රෙශර් නම් හොදයි.... අම්මා වෙන මොනවා හරි අපහසු කම් තියනවද බබා දගලන වාර ගාන...එහෙම....ඒවා කොහොමද ...ඒ ඔක්කොම හොදයි නේද
වෙන නම එහෙම නෑ ඩොක්ටර් මෙ කකුල් ඉදිමිලා ඇවිදින්න බැරි එක විතරයි..
රෑට නිදාගන්න යනකොට උනු වතුර පොට්ටනියකින් තවන්න අම්මා....ඊට අමතරව මේ තියන විටමින් ටික ගන්න...
මම සෑහෙන්න වෙලාවක් යනකන් ස්ටීවන්ට උදව් කෙරුවා...එතකම්ම ජෙරි මගෙ ඇගේ දැවටි දැවටි නහයෙන් අඩන්නයි ඈනුම් අරින්නයි මමා ගාන්නයි පටන් ගත්තා ...
ආ බබී...ආ..මේ චොක්කා එකක්...
මං ගාවට වෙලා නහයෙන් අඩන එයාට ස්ටීවන් පොඩි ටොබ්රෙලෝන් එකක් දික් කෙරුවා.. එයා මා දිහත් බලනවා ස්ටීවන් දිහත් බලනවා...
යන්න...ගිහින් ඉල්ල ගන්න...
ම්ම්ම්ම්ම්
ගිහින් ඉල්ල ගන්න..
...ම්ම්ම්ම්ම්...
එයා මගෙ දිහා බලන් ම්ම් ගගා ඉදලා බයෙන් බයෙන් වගේ ස්ටීවන් ගෙ අතේ තිබුන ටොබ්රෙලෝන් එක ඉල්ල ගත්තා ...
කෝ ඉතින් ඩොක්ටර් අංකල්ට මොකද කියන්න ඕනෙ .....
ම්ම්ම්ම්ම්....
මොනවා හරි දුන්නම අපි මොනවා කියලද කියන්න ඕනෙ...
ම්ම්ම්ම්
මට මෙතන සෙනග ඉන්න නිසා මේකට බැනගන්නත් බැරි වෙනකොට මගෙ ලග උන්න අම්මගෙ ක්ලිනික් කාර්ඩ් එක මම සද්ද නැතිව කියෙව්වා..