හයිසාන්ගෙ කකුල් උඩ හිටපු කොල්ලා ඇපල් කෑල්ලක් දික් කරලා චාපිය කියනකොට හයිසාන් මා දිහා බැලුවා...
පිහිපාරක් කනවට වඩා ඇපල් කෑල්ලක් කන එක හොදයි කාපන් ඕක...
හයිසාන්ගෙ මූන තනිකරම පත්තර පිටුවක් වගෙ සුදු මැලි වෙලා තිබුනා අර කොල්ලා ඇපල් කෑල්ල කෑල්ල.කපලා.හයිසාන්ට දෙනකොට හයිසාන් කටට දෙන කෑල්ල හපන්නෙවත් නැතිව බයටම ගිල්ලා...
දන් ඇති නේද....එයා ඇපල්.කෑවනෙ....කෝ හොද පුතා වගේ ඕක දෙන්නකො...අපි අත් හෝදන් මේ තුවාලෙට බෙහෙත් දාමු....
මම හිමින් සැරෙ ඒ කොල්ලා ගාවට ලං වෙලා අතේ තිබුන පිහිය අර ගත්තා ...ඒ කොහොම උනත් කොල්ලා කැමති උනේ නෑ හයිසාන්ව අතාරින්න...
අනේ...යී....බෝ....මෙයා..ව..අරග..න්න..කො..
හයිසාන්ට ප්රෙශර් වැඩි වෙලා වගෙ...කොහොමෙන් කොහොම හරි කොල්ලා හයිසාන් එක්කම මිසක් තනියම නැකිට්ටෙ නැති වෙනකොට මරන්න අරන් යන හරකෙක් වගේ හයිසාන් කොල්ලා පස්සෙ ගියා...
කෝ ඔයත් එන්න ඔතන හැංහිලා උන්න මදැයි දැන්...
ම්ම්ම්ම්ම්
එන්න ඔයත්...ඔයාව නාවන්න ඕනෙ...පේනවද මූනෙ නාවර...
ම්ම්ම්ම්ම්
නාවර...නාවර...අහලා තියනවද...හිගන පැටියා වගේ...මොකද දොර ඇරන් තැන තැන දිව්වෙ ආ...
බ...ය...ම්ම්ම්....ම්ම්ම්...යි.....නෙ...
එයා චූට්ට චූට්ට කතා කරන්න හැදුවා...එයා කිව්වෙ බයයි කියලා ....ඇත්තටම අපි හිතුවා වගෙ එයාලා උන්නෙ ගරාජ් එකක් වගේ තැනකද....එයාලගෙ ඇදුනුත් මජන් සුවදයි...අනික එදා සපත්තු අඩි පාරකුත් තිබ්බා...මම ආයම එයා දිහා බැලුවා...එයා මගෙ ඇදුමෙ තිබුන රූපයක් උඩ ඇගිල්ලක් ගෙනියන ගමන් එයාගෙ බාසාවෙන් තනීයම මුනු මුනු ගගා උන්නා...ආයම කෙල බෝලයක් පුම්බන්න ගත්තා ....මගෙ ටී ශර්ට් එක උස්සලා බලන්න ගත්තා ..ඇබ්ස් දිගෙ ඇගිලි ගෙනිච්චා ...එයාට වැඩ ගොඩයි....
කෝ එන්නකො අපි නාමු...නාලා ඔයාට කුක්කු එකක් හදලා දෙන්නම් බීලා හොදට දොයියන්න ඕනා තේරුනාද...
ම්ම්ම්ම්ම්
ජෝ නාලා කුක්කු බීලා හොදට දොයියන්න...