07වන කොටස💔

1.8K 446 73
                                    

එයාගෙ වම් පැත්තෙ ඉල ඇට වලට පහලින් පාරක් තිබ්බා....මගෙ ඇගිලි තුඩූ ඒ පාර දිගේ යනකොට එය බයෙන් වගේ මා දිහා බලන් ඉන්නකොට මම නැකිට්ටා ....

උන් ඒක ඔයාගෙන් බලෙන් උදුර ගත්‍තද පුතේ.....

අමු නිරුවතින් උන්න එයාගෙ කිලුටු මූන මගෙ අත් වලට මැදි කරන් මම බලන් ඉන්න කොට එයා කෙල බෝල පුම්බන්න ගත්තා ...ආයම ඔලුව වනන්න ගත්තා...උන් එයාගෙ වකුගඩුවක් අරගන...

මම එයාව එක්කන් ශවර් එක යට හිටගන වතුර එක ඇරියා....දුඹුරුම දුඹුරු පාට කිලිටි වතුර එයාගෙ ඔලුවෙන් යනකොට මම එයාගෙ කොන්ඩෙ  කපන්නෙ නැතිව උන්නා...මම සෑහෙන්නකල කිරුනා...උන් මේ අසරන ලමයිගෙ ජීවත සම්පූරනම විනාශ කරලා...වකුගඩුවක් බද්ද කරනකොට වැඩි පුරම වේදනා විදින්නෙ වකු ගඩුව අහිමි වෙච්ච කෙනා....බඩෙන් එන දරන්න බැරි වේදනාව මේ කොල්ලා කොහොම ඉවසන්න ඇතිද.....මොන දේ උනත් මේක කරපු උන් ඔක්කොමව මම නොමරා මරනවා....මේ දරුවෝ විදපු දුක එකක් නෑරම දෙනවා...කරනකොට පව් මීපැනි වගෙ උනාට විදවනකොට අපි ඒකත් බලමු ඒකත් මීපැනිවගේම රසදකියලා..

ඒ...ඒ...ආඅ....ආඅ....

මගෙ ඇගිලි ආයම එයාගෙ කටු ගැහිලා ඉල ඇට පෑදුන ඇග පුරාවටම යනකොට එයා ආයම එක එක සද්ද දාන්න ගත්තා ...මේ ඇගවල් තනිකරම හිට්ලර්ගෙ නාසි කදවුරු අස්සෙ උන්න හිර කරයො වගේ...ඒ තරමට වර්හැලි වෙලා ගිහින්...

එයා මං දිහා බලගානම වතුරෙ බිම පෙරලුනා...අත පය ඔහේ ගැහුවා...බිම තියන වතුරත් අරන් කටේ දාගන්න ගියා...එහෙන් පිටිම්ම ලමයිගෙ ඔලුව කාලා..තනිකරම  මේක එහෙම්පිටිම්ම පිස්සන් කොටුවක් වෙනකොට ලිහන්න ගැට ගොඩක් අපි ඉස්සරහා තිබුනා...

කෝ නැගිටින්නකො....අපි හොදට ජෝ නාලා බඩ පිරෙන්න කුක්කු පිටි බීලා දොයියමු.........කෝ ඉතින් ..ගුඩ් බෝයි නැකිටින්න ..බෑඩ් බෝයිලා තමා ඔහොම නොටි වෙන්නෙ...

ගලාගන යන නාපු කිලුටු වතුර උඩ හෙලුවෙන් පෙරලෙන එයා දිහා බලලා මම නැකිටින්න කිව්වා..එය නෙවෙ කනකට ගත්තෙ ...බොරු කෝටියක් විතර කියලා කියලා එයාව නැකිට්ටවපු මම ඇගටම සබන් ගාලා මූනත් හොදට අතුලලා හිස කෙස් ඇරෙන්න අනිත් කෙස් ඔක්කොම ගාලා දැම්මා....

KILLER AND HEALER 🖤(completed)Where stories live. Discover now