අතෑරපියව් මගෙ කොල්ලව....
මම කෑගැහුවා....
තොපි හෙල උනොත් අඩු කඩනවා...
උන් එයාව පරන යකඩ කදන් ගොඩකට හේත්තු කරගන..අත් දෙක දෙපැත්තට ඇදලා ගැටගහලා...බෙල්ලට පරන කාර් ටියුබ් වගයක් එල්ලලා...මූන පුරාවටම ටයර් වල දැලි ගාවලා...ලස්සනට උන්න කොල්ලව උන් කාලා...
ඩො..ඩො..ඩෝ...
එතන උන්නා හතර දෙනෙක්...තරහවටම මගෙ ඇස් රතු වෙලා තියනකොට මම ඒ ලගට ගියා වගේම උන් බයටම ඔලු පාත් කරන් උන්නා...ඉස්කෝලේ යන ඇටයි ටිකක්...
මෙතනින් මොකාද මෙයාට මෙහෙම කෙරුවෙ....????
..........
ඇයි කටවල් නැද්ද තොපිට..??පංන්ති කාමරේ ඉන්න ඕන වෙලාවෙ ඉස්කෝලෙන් පැනලා තැන් තැන් වල රස්තියාදු වෙවි...
ජෙරි....කව්ද පුතෙ ඔයාට මෙහෙම කෙරුවෙ...මොකාද කෙරුවෙ....
මම ආයම එයා දිහා බැලුවා...එයාගෙ ඇස් කදුලු වලින් පිරිලා...උදේ ලස්සනට ගෙනාව කොල්ලා එහෙම් පිටිම්ම ගස් වැද්දෙක් වගේ කිලිටි වෙලා ..මම ඒ අත් ගැට ගහලා තිබුන ටියුබ් පටි ලෙස්සා...වලලු කර රතු වෙලා උඩ හම ගිහින් තිබ්බා..යටි තොල පැලිලා..උන් තනිකරම කරලා තියෙන්නෙ කොල්ලගෙන් ආතල් එකක් ගත්තු එක...
දනගහපියව් ඔතන...
...........
ඇයි....මොකද...කකුල් පන නැද්ද...??..පොඩ්ඩක්...හෝව්...දනගහන්න කලින් මට මෙන්න මේකට උත්තර දීපල්ලකො...මම අහන්නෙ එක ප්රශ්නයයි...හැබැයි සාදාරන හේතුවක් නොතිබුනොත්...අන්න එතකොටත් මම බලා ගන්නම්...හරි....
.........
කියනවලා එයාට එහෙම කරන්න තමුසෙලට තිබුන හේතුව මොකක්ද...
අ...අපි....එච්...
මොනවද තටමන්නෙ...කියන්න හදන්නෙ අපි එච්චර හිතුවෙ නෑ කියලද...???
මම ඒ මූනවල් දිහා තරහෙන් බලන් උන්නා..උන් හතර දෙනාම මහ මදාවි පාටක් තියන අවුරුදු දාහතක දහ අටක කොල්ලො ටිකක් උනා... ඒ කොහොම උනත් උන් කෙරුවෙ තනිකර වැරැද්දක්....වැරදි කරන්න වයස කොහොමට වත් අදාල වෙන්නෙ නැති ලොට මට ඒ මූනවල් දිහා බලන් සමාවක් දෙන්න හිතක් නොවෙනකොට මම කදුලු පුරවන් හැංගීගන උන්න එයා දිහා බැලුවා...