ජාන්...ජාන්...හරි..හරි...හරි..නෑ..නෑ..ඔයාව කවුරුත් අල්ලන් යන් නෑ....
බ්බ්...බෑ....ජ්ජ්...ජෙජෙ....එපා...අන්දෙවේ .....අන්..ද්...වේ...නෝ...නො...බ...ය...ම්ම්ම්ම්ම්ම්...ම..මා.....ම...මා.......
එයාව මම කොච්චර හයියෙන් තද කර ගත්තා උනත් එයාව මට හරියට කන්ට්රෝල් කරගන්න බැරි උනා ..ඉවරයක් නැතිවම නෝ නෝ ..බයයි...ඌයියා...එපා...රිදෙනවා...ගගා කෑ ගහන ලමයව මට ආයම කාර් එක ගාවට එක්කන් යන්නත් බැරිව, උන්න එකා කව්ද කියලා බලා ගන්නත් බැරිව මම සෑහෙන්න අසරන වෙනකොට කරගන්න දෙයක් නැති කමට මම මගෙ සාක්කුවෙ තිබුන ටිශු පැකට් එකේ සම්පූරනම ටිශු ටික එලියට අරන් ගුලියක් ගහල එයාගෙ කටට එබුවා...රතු වෙච්ච ඇස් වලින් ඉවරයක් නැතිවම කදුලු ගලනකොට එයාවත් උස්සන් මම රතුපාට තොප්පි කාරයා පස්සෙ පැන්නුවා....
තනි කලු ඩෙනිමට ලෙදර් ජැකට් එකක් ඇදන් උන්න උගෙ අතෙ ෆුල් ෆේස් හෙල්මන්ට් එකක් තිබුනා...
වස්තුව ...අඩන්න එපා...අඩන්න එපා....මේ අහන්නකො...ඩොඩො...ඌව අල්ලන් ...හොදටම ගුටි දෙන්නම් ඇයි මගෙ පුතාව ...රිදෙව්වෙ කියලා අහලා ...
මිනිස්සු දහසක් දෙනා බලන් ඉන්න සෙනග ගොඩක මම එයාව වඩාගන දුවන ගමන් අඩන්න එපා කියන කොට ටිශු ගුලිය හිරකරන් උන්න ලමයට හරියට හුස්ම අල්ල ගන්න බැරිව දගලන්න ගත්තා වගේම මගෙ බෙල්ල බදාගත්තා. එයාට ඒක ගලවගන්නවත් එහෙම ලොකු තේරුමක් තිබුන්නෑ. රතු තොප්පි කාරයා එහෙන් මෙහෙන් යනකොට මාත් එයාව වඩාගන අහු මුලුවලින් යනකොට පිටිපස්සට දාපු රතු තොප්පිය දකින වාරයක් වාරයක් ගානෙම කොල්ලා ගැස්සි ගැස්සි හුස්ම අල්ලනකොට මම ටිශු ගුලිය ගලවලා වීසි කෙරුවා...කැ ගහගන්නවත් සිහියක් නැතුව එයා කටත් ඇරන් ඉහලට හූල්ලනකොට මට දැනුනා මගෙ අත් දෙක තෙත් වෙලා යනවා....බය වැඩි කමටම එයාට ඇගේම මුත්රා පිට වෙලා තිබුනා ...
රතු තොප්පි කාරයා වගේම මං අතර තිබුනේ අඩි හත අටක පරතරයක් වෙනකොට මම එයාව මගෙ උරහිස උසට ඔබාගන කකුල ඉක්මන් කෙරුවා...ඒත් හිතුවෙ වත් නැති රූපයක් අහසින් කඩාපාත් වෙලා වගේ තොප්පි කාරයට ලං වෙනකොට මම එතනම තිබුන කලුකාර් එකට මුවා උනා....