ජෙරි එන්න එන්න...
මම එයාව ඇදගන වගේ එලියට ගියා ...
ඩො..ඩො..අයි....අයි....ආව්හ්හ්...ඌ...හ්හ්හ්...
නෙ...වස්තුව...මට අමතක උනානෙ...
එඩ්‍රස් එක දැක්කා විතරයි මට එයාගෙ කකුල නිල් වෙලා තිබුන එකත් අමතක වෙනකොට ඇයි ඇයි කියලා අහපු එයා නැමිලා කකුල අල්ල ගන්නකොට මම එයාව එහෙම්ම වඩා ගත්තා ...
අනෙ වස්තුව ඩොඩොට අමතක උනා බබි...
එයා මගෙ බෙල්ල වටෙ අත් දෙක දාන් එහෙම්ම පපුවට හේත්තු වෙලා හොරෙන් හොරෙන් අඩනකොට සත්තයි මගෙ පපුවම ඇවිලිලා ගියා...එක අතක ගුලි උන එඩ්‍රස් එක...අනිත් පැත්තෙන් ගුටි කාලා හෙම්බත් වෙලා බඩගින්නෙ උන්න එයා...මොන මගුලටත් කලින් මට එයාව ගිහින් හයිසාන් ගාවට බාර දෙන්න වෙනවා...අනික දුවන්නම් වාලෙ දුවන්නෙ කොහොමද...කව්ද කින්දමන්ද නොදැන .
අනික මගෙ කාර් එකට එඩ්‍රස් එකක් ගහලා යන්න තරම්....??
ඒකත් හොස්ප්ටිල් එකේදිවත්...මගෙ ගෙදරදිවත් නෙවෙ අච්චර දුර ඇවිල්ලා ගහලා යන්න තරම්...එක්කො මුන් මගෙ හැම දේම හැක් කරලා...නැති නම්...මේ එක එක දේවල් එවන එකා මාව ෆලෝ කරනවා... ෆලෝ කරනවා නම්...????? ඒකා මේ ළඟ පාතක ඉදන් මම කරන කියන හැම එකම බලන් ඇතිනෙ...
අනික කව්ද දන්නෙ මේ දෙන එකා හරි එකී හරි මොනවා හිතේ තියන් මේ මගුල් මට දෙනවද කියලා...මට සීයට සීයක් මේ එඩ්‍රස් එක් ගැන විශ්වාස කරන්නත් බෑ....ඒත්...එහෙමයි කියලා මට මේක අතෑරලා දාන්නත් බෑ....හැක් කරලා කෙසේ වෙතත් ඌ මාව ෆලෝන්කරනවා නම් අනිවාර්යයෙන්ම ඌ මේ ලග පාතම ඉන්න පුලුවන්...කෙනා කවද නොදැන මට මේ මොකුත් නොදන්න අහිංසකයව තව තව රිදවන්න කොහොමත් බෑ....
අපි යමු වස්තුව ...ඔයාට බඩගිනී නේද....මගෙ බබීට මොනාද ඕනෙ....කීම් බනිත් මද....
මම වෙනදා වගේම සැහැල්ලුවෙන් ඉන්න විදිහට උන්නා...හදවත ගිඩි ගිඩි ගාලා ගැහුනත් කවුරු හරි මාව ෆලෝ කරනවා නම් ඌ මගෙ හැම හැසිරීමම බලන් ඉන්න පුලුවන් ...හොදම දේ කිසිම දෙයක් හම්බ උනේ නැති ගානට ඉන්න එක...
මම එයාව උස්සන් මගෙ කාර් එක ගාවට ගියා එයාලා.සම්පූරනම කාර් එක ඩැමේජ් කරලා තිබුනා...සූරපු පේන්ට් එකට එහෙම්ම වෙන පාටක් ඕනාවට එපාවට ස්ප්‍රේ කෙරුවා..දැන් කාර් එක තනිකරම රස්තියාදු කාරයෙක්ගෙ කාර් එකක් වගේ වෙනකොට මට මේක නම්බර් ප්ලේට් මාරුකරගන්න ඕනා උනා...