බ්රා.........ස්ස්ස්!!!!
හරිනෙ....හරිනෙ....ඔය කෙරුවෙ...ඔය කෙරුවෙ.....
එයා මාව ඉවරයක් නැතිවම හෙල්ලුවා වගේම ස්ටියරින් වීල් එකෙ එල්ලෙනකොට මට කාර් එක වගේම එයාව කන්ට්රෝල් නැති උනා...අගලකට ගිය කාර් එක ඩෝන් ගාලා ලයිට් කනුවක වැදුනා වගේම ටයර් පන්ච් එකකුත් වෙලා තිබුනා...
හරි..දැන් ඉතින් ගිහින් හමාරයි...ඔය කෙරුවෙ..
ම්ම්ම්ම්ම්....
පල ඇතුලට....පල....ම්ම් ගානවා තව...දුවපිය....
කාර් එකෙන් බැහැපු මම ඉස්සරහා බෆර් එකයි හිල් වෙච්ච ටයර් එකයි දිහා බලන් ඉන්නකොට එයා දොරෙන් එලියට එනවා වෙනුවට බාගෙට ඇරපු ශටර් එක ගලවගන එලියට එන්න හැදුවා වගේම ඇසුත් ලොකු කරන් "ම්ම්ම්" ගානකොටම මම පිට රත් වෙන්න එකක් දුන්නා...
බෆර් එකට නම් එච්චර ඩැමේජ් එකක් නෑ..කපලා ටින්කර් පාරක් ඇල්ලුවා නම් හරි ....ටයර් එක...මගුල කාර් එකට මොනවා උනත් කමක් නෑ පාරෙ ඉන්න එකෙක් යට උනා නම් මේ වැල්ලෙ ඉන්නෙ මිනිස්සු මාලු කපන මන්නා වලින් මාවයි ඒකවයි දෙසිය පනහෙ පෙති ගහයි...ඒතරම් යක්කු ඉන්නෙ...උන්ගෙ කටට වඩා අතපය ඉක්මන්....
මම එයා දිහා නොබලා හිමින් සැරෙ කාර් එක රිවස් එකට ගහලා ටයර් එක මාරු කරන්න පටන් ගත්තා ....එයා නෙවෙ ආය මූනක් ඉස්සුවෙ...තරහටමද කොහෙද දත් මිටිකාගන එක දිගටම ඔලුව වන වන උන්නා මිසක් අඩන්නෙ වත් නැතිවම එයා බුම්බන් උන්නා...කකුල් දෙකත් තරහටම අතුල්ල අතුල්ල ඔලුව ගලවගන යන තරමට වන වන උන්න එයාට මන් ආය මොකුත් කියන්න ගියෙ නෑ...
අනිත් රෝදත් චුට්ටක් ඇද වෙලාද මන්දා....මොකටත් කියලා ගරාජ් එකකින් නට් ටික තද කරගන ටයර් එකත් හදව ගන්නවා....වැඩ මදිවට වැඩ...