32වන කොටස💔

1.6K 398 135
                                    

මම හයිසාන් දිහා බලලා මට නිදාගන්න පැය දෙකක් ඉල්ලුවා වගේම මං එහෙම්ම ගිහින් නිදාගන උන්න ජෙරී ගාවන් දිගෑදුනා...

මං ඇදට ආවත් හරි එයාට මගෙ සුවද  දැනිලද කොහෙද  නින්දෙම්ම කෙදිරි ගාගන ඇවිත් මගෙ ඇගට හේත්තු වෙනකොට වැටෙයි කියලම මාත් එයාව මගෙ ඇගට තියලා තදකර ගත්තා ....

විනාඩි පහයි....උපරිමේටම  මගෙ නින්ද තිබ්බෙ විනාඩි පහයි එයා එක අතකට ඉන්නෙන නෑ එහෙට දගලනවා මෙහෙට දගලනවා බෙල්ල  අස්සට මූන ඔබනවා ආයම අත්දෙක මැදින් පපුවට  මූන ඔබා ගන්නවා එයත් ඇබියා වගෙ රස්නෙ තැනක් හොයනවා ...ඉවසලා ඉවසලා බැරිම තැන මං ඇස් ඇරියා  එයා නිදි....ඒත් එයාට නිදාගන්න විදිහක් නෑ ....ආයම මගෙ අත යටට මූන ඔබා ගන්නවා....

බබී නිදාගන්නකො....මට නිදිමතයිනෙ...

ම්ම්ම්ම්ම්හ්හ්හ්...

අඩ නින්දෙන් උන්න එයා කෙදිරි  ගානකොට  මං පස්සට  හිමීට තට්ටු කෙරුවා වගේම  ඒ තත්පර  ගානකින් එයාට  නින්ද  ගියා ......

ම්ම්ම්හ්හ්......මොනවා කරනවද මන්දා මේ කොල්ලා....විනාඩි පහක් නිදා ගන්න දෙන්නෙ නෑනෙ....

එයාව නිදි කරවපු මට එයත් එක්කම නින්ද ගියත් නින්දෙ උපරිම තැන උන්න මට ආයම ඇහැරුනා....නෑ..නෑ...ඇහැරුන් නෑ...මං ගාව ඉන්න ඇබි මමා මාව ඇහැරෙව්වා...කලින් පාර  නම් නින්දෙන් උනාට මේ පාර නම් එයා ඇහැරිලා ඉන්නෙ  කියන එක මට හොදටම දැනුනෙ එයා ඈනුම් අරින්න වගේම  මාව කූරු ගාන්න හොරෙන් හොරෙන් උම්මා දෙන්න පටන් අරන් තිබුන නිසාමයි...

මිනිහගෙත් කපටි කමට මට කතා කරලා  මාව ඇහැරවන්නෙ නැතිව එයාට ඔන ඕන දේවල් කරන්න පටන් අරන් තිබුනා වෙලාවකට ඇහි බැම උඩ ඇගිලි  ගෙනිච්චා ...නැත්තන්  ඇහිබැමෙ කෙස් ගහක් දෙකක් ගැලෙව්වා ...වැහිලා තියන ඇස් පියන් ඇරලා බැලුවා ..." හී.....ඩො..ඩො...දොයී" ගාලා කෙදිරුවා  ඒකගෙ  දොරපියනක් වගෙ තියන හා දත් වලින් මගෙ නහය හොරාවට  හැපුවා...උඩු තොල යටි තොල ඇද්දා..මේකා අදින ඇදිල්ලට දැන් මගෙකට බැබුන් කෙනෙක්  වෙනවා ...ඒ විතරක්  නෙවේ මට තේරෙනවා  එයා හොරාවට  එයාගෙ ලිප්ස් මගෙ ලිප්ස් උඩින් තියලා හොරාවට හිකි හිකි ගානවා...

KILLER AND HEALER 🖤(completed)Donde viven las historias. Descúbrelo ahora