අනේ...යී..යී...බෝ...ගහ...න්න...එපා..
කව්ද බන් ගහන්නෙ....මං මොකටද එයාට ගහන්නෙ නොතේරුම් කමට නෙ කරන්නෙ....
ම්ම්ම්ම්ම්
පව් මචන් මොනවා උනත් මේ ලමයි...ඇත්තටම ඇයි බන් මිනිස්සු මෙහෙම...ඇත්තමයි මේක කරපු *බේසිකයව *හොයා ගත්තොත් නම්...
ම්ම්ම්ම්ම්ම්
ඌට කලින් මං උඹව මරනවා හයිසාන් අම්මපා ඔය මගුල නවත්තපන්කො මටත් ම්ම්ම් ගෑවෙනවා...
මට ඉවසලා බැරිම තැන මං හයිසාන්ට බැන්නා විතරයි හයිසාන් එයාගෙ කුරුම්බැට්ටි මූන අවානෙන් වහන් ඒකෙන් පවන් ගහගන ගහගන ගියා....ඒක එයාගෙ හැටි....මොනවට හරි කලබල උනාම පවන් ගහනවා කරන්ට් වැදුනා වගෙ මොනා නැතත් මෑන් හරි සංගීත කාරයා .. .කලාව පැත්තට තමා බර....මිනිහට ඕන උනෙ හරි සංසුන් වගේම නිහඩ ජීවිතයක්...කාටත් කරදරයක් නොකරන හයිසාන්ට තිබුන එකම පිස්සුව මේ අවානවල් එකතු කරන එක...ඒ උන නම් සහලවලම තිබුනා මෑන්ට ...ඒ මොනවා උනත් එයා ඒකෙන් සතුටක් ලැබුවා...එයාව සතුටු කරන්න ලේසිම දේ මේ අවාන වෙනකොට එයා එයාවම සනසවගත්තා...ඒකත් මේ පුංචි අවානකින්....
මං හයිසාන් දිහා බලලා සබන්කුඩු වලට පෙගුන ඩිස්ප්ලේ එක ගිය ඵෝන් එක දිහා බැලුවා ....
ඔයා ඇත්තටම එයාට ගහන්නෙ නෑනේ ද යීබො...
එයා හරි අහිංසක විදිහට අවන් ගැට්ටෙන් ඇස් දෙක එලියට දැම්මා ...
හයිසාන් ...මේක ඵෝන් එකක්...නිකම්ම නිකන් ඵෝන් එකක්...ඇත්ත වටිනා කමින් වැඩී....ඒත් හයිසාන් මේ ඵෝන් එකට කිසිම හැගීමක් නෑ..ඔයා මේක ඇල් වතුරට දැම්මත්....ගොජ ගොඩජ් ගාලා නටන වතුර එකකට දැම්මත්...අව්වක වැස්සක තිබ්බත් මේ ඵෝන් එකට මොකුත් වෙන්නෙ නෑ කැඩෙනවා ඇරෙන්න....ඒකට රිදෙන්නෙ නෑ....මොකද ඒක හැගීම් රහිතයි....හැගීම් විරහිතයි....ඒ උනත් එයා.. එයා තවම පුංචි දරුවෙක්....ඇගපතින් කොහොම උනත් එයාගෙ මනස සම්පූරනම වැඩීම බාල කරල තියෙන්නෙ ...එයාට එයාටම විතරක් අයිති දේවල් නැති වෙලා...ඉතින්...මේ වයසට ඒ පුංචි එකා විදින්න ඕන දුක් ගොඩක් විදලා හයිසාන්...මම ගැහුවොත් එයා අඩාවි...මොකද එයාට රිදෙනවා හැගීම් විරහිත දෙයක් වෙනුවෙන් හැගීම් සහිත මනුස්සයෙක්ට රිදවන්න තරම් මම අමානුශීය නෑ...හැබැයි හයිසාන් යම් යම් තැන් වලදි...මම මගෙම රූල්ස් බිදිනවා...සමහරක් ඒවා මම වෙනුවෙන් නෙවෙ වෙන්නත් පුලුවන් ....මගෙ හැගිම්...වෙනස් වෙනවා... මම එයාට රිදවන්නෙ නෑ කිව්වට එයාට...එයාලට මෙහෙම කරපු කෙනාට නීතිය මොකුත් නොකරොත්...මම හරි කරනවා...