05 වන කොටස💔

2K 440 100
                                    

ප්‍රොෆෙසර් ජියෝන්...මේක නම් ඔයාගෙ අවසානම තීරෙනේ....ඔයාගෙ කැමැත්ත ඒ විදිහටම කරගන යන්න..මම ප්‍රාර්තනා කරනවා සංසාරෙ කිසිම තැනක ඔයාගෙ මරන මංචකේදි ඔයාට වතුර උගුරක් වත් හම්බෙන්න එපා ජාති ජාතිත් ඔයා අපාදුක් විදින්න ඕනා කියලා...

ඩොක්ටර් යීබෝ...ඔයා මට සාප කරනවද..

නෑ..මම සාපකරන්නෙ නෑ..හැබැයි...එහෙම වේවි....මම කාටත් වෛර කරන්නෙ නෑ..පලි ගන්නෙත් නැ...ඒත් ඔයා මේ කරන්න හදන සහගන අපරාදෙ ඔයාට මේ ආත්මෙදිම ගෙවයි ප්‍රොෆෙසර් ...කර්මය විශ්වාස කරන්න..කරත්තෙට බැදපු රෝදෙ ගොනා පිටිපස්සෙන් යන්නෙ කොයි වගේද...ආන්න ඒ වගේම මැරෙන මොහොත වෙනකම්ම කර්මය පස්සෙන් එනවා ප්‍රොෆෙසර් ...මේලෝකෙ පවතින්නෙ විද්‍යාවෙන්ම විතරක් නෙවෙ....අපි හුස්ම ගන්න මේ ලෝකෙ ඇතුලෙ නොපෙනන බලවේග හුගක් තියනවා....විශ්ව ශක්තිය තියනවා...ඔයාගෙ හිතට එකගව ඔයා දන්නවා මෙයාලව ගෙනියන්නෙ ට්‍රීට් කරන්නද..මරන්නද කියලා...මම දන්නවා..ඔයාට මේකට උදව්වෙන අය ඉන්නවා...

ප්‍රොෆෙසර් ජියෝන්...අපි හැමොම මේ ලෝකෙට තාව කාලිකව නවතින්න බලන් ආව මිනිස්සු...තාවකාලිකව ඉන්න මිනිස්සුන්ගෙ හැසිරීම මේක නම්....සදාකාලික ව ඉන්න මිනිස්සු මේ ලෝකෙට ආවා නම්...මේක තනි අමු සොහොනක් වෙයි ප්‍රොෆෙසර් ....මනුස්සයෙක් මේ ලෝකෙයට එන්නෙ කොහොමද කියන්න මට වඩා ඔයා දන්නවා...

ශුක්‍රානු දාස් ගානක් එක්ක සටන කරලා එකම එක ශුක්‍රානුවක් විතරක් අනිත් ඒ පොර කනකොට එකම එකක් විතරක් සංකෝචනේ වෙන්න මොන ගේමක් දෙනවද...එතකොට ඒ ශුක්‍රානුව දුර්වලද...නෑ....ඒ ඩිම්බේ....දුර්වලද....නෑ....සංසේචනේ උන යුක්තානුව දුර්වලද....නෑ... සෛල...පටක...පද්දති...අවයව....අවසාන ප්‍රතිපලේ ජීවියා...එච්චර ගේමක් දීලත් අම්මගෙ කුස ඇතුලෙ පන ගැහුන ජීවියා දුර්වලද.. නෑ...ප්‍රොෆෙසර් ජියොන්..මේ ලෝකෙ කිසිම මිනිහෙක් දුර්වල නෑ...

දුර්වල කරන්නෙම මිනිස්සු... මේලෝකෙට ඇවිත් හුස්මක් අල්ලන එකම ලොකු ගේමක් වෙනකොට ඔයා කොහොමද කියන්නෙ එයාලා දුර්වලයි කියලා...එයාලට මේ දේ කවුරු හරි කරලා...සෙවල පෙරන් තුවාල කරන් එක එකා ගහ ගත්ත පලියට ඔයා ඒ අසරන ලමයිව සොම්බි ගානට දානවා නම්...මෙතන ලොකුම සොම්බියා....මොකාද....??????

KILLER AND HEALER 🖤(completed)Donde viven las historias. Descúbrelo ahora