ලෙලෙ...
මම ලෙලෙ අත තියන්න යනවා එක්කම කතා කෙරුවා ..එයා ගැස්සිලා වගේ මගෙ දිහා බලන් උන්නා...එයා ලමයව දැක්කද දන්නෙ නෑ...
මට සැන්ඩ්විච් පැකට් දෙකක් එක්ක සුප් එකක් හදන්න...
හ්හ්...හා..මාස්ටර් .. හරි...
මට කන්න උවමනාවක් තිබුණ් නෑ..මට ඕන උනේ එයාව මගෙ කාර් එක ගාවින් යවා ගන්න වෙනකොට මම එයාට සැන්ඩ්විච් වගේම සුප් හදන්න කියලා එයා යනකන් ඉදලා කාර් එකට නැග්ගා...
ජාන්....ජෙරි......චූටි ජෙරී....
මම හිමින් හිමින් එයාගෙ කම්මුල් වලට තට්ටු කෙරුවා...එයා හිටපු තත්වෙට එන්න සෑහෙන වෙලාවක් යාවි...වැඩිය වෙලා මෙහෙ ඉන්නත් බැරි එකේ බොරු කියලා කුසියට යවපු ලෙලෙට එහෙම්ම කුසියෙ ඉන්න දීලා මම ආයම මගෙ ඇදුම් බෑග් මේ ඔක්කොම අරන් ඇවිත් ඩිකියට දාලා කාර් එක ස්ටාර්ට් කරන කොට ලෙලේ එලියට දුවන් ආවා...එයා මගෙ කාර් එක ගාවට එනවා එක්කම මම හෙඩ් ලයිට්ස් ගහලා කාර් එක රිවර්ස් කරන් අනිත් අතට හරවන් එන්න ආවා වගෙම වෙච්ච දේ හිතා ගන්න බැරිව උන්න ලෙලේ හැන්දත් අතේ තියන් තුශ්නිම්භූත වෙලා වගේ බලන් ඉන්නකොට මම කාගන ආයම අනිත් අතට බින්හායි යන්න හැදුවා..
පාන්දර වෙනකොටවත් යාගන්න තිබුනොත් ....
මම හිතින් හිතන ගමන් එයා දිහා සිය සැරේකට වඩා බැලුවා....ඊයේ ආව පිම්මට ගුටි කාල උන්න මට මගෙ අතේ ඇගිලි පවා සම්පූරනම හිරි වැටිලා වගෙම උන් එකෙක් අතෙ තිබුන තහඩුවකින් ගහපු පාරට අත කපාගන ගිහින් තිබුනා , නලලට වැදුන පාරවල් එක්ක ඔලුව පුපුරන්න කැක්කුම තිබුනා උනත් මගෙ සිහිය තිබුනෙම එයා ගාව වෙනකොට කොයි වෙලෙත් ඩො...ඩො... ගගා මගෙ වටේ කැරකෙන එයා අවසිහියෙන් ඉන්නකොට ඒක මගෙ හිතට හුගක් දැනුනා..
දැනුන බඩගින්නට ඈනුම් පිට ඈනුම් සීයක් යනකොට ඈනුම් ඇරලම මගෙ කට ඉරෙන්න ආවා උනත් එයා නැතිව මට කන්නවත් හිතක් වත් නැති වෙනකොට මම එයාව මගෙ ඇගට හේත්තු කර ගත්තා ...
ඇබී මමා....ඇබී පපාට පාලුයිනෙ...නැකිටින්නකො...
මම එයාට කොදුර කොදුර නැකිටින්න කියනකොට එයාට උන ගැනිලා කියන එක මට එක තත්පර ගානකින් දැනෙන කොට මම එහෙම්ම එයාගෙ නලලට අත තියලා බැලුවා