මම හයිසාන් දිහා සෑහෙන්න වෙලාවක් බලන් උන්නා...එයා ඵෝන් එක කනේ ගහන් එහාට යනවා මෙහාට යනවා..බැරිම තැන මම එයාගෙන් ඵෝන් එක උදුරන් කනේ තියා ගත්තා .....
හෙලෝ...මින්ජු අයියෙ..මම...යීබෝ ...ඔව්...ඔව්..හයිසාන්ගෙ වෝර්ඩ් එකේ තමා...
..........
........
........
.....
කොහෙද ....අනෙ ඇත්තටම මට මේක ලොකු උදව්වක් ...නෑ..නෑ..මම හිතන්නෙ නෑ...ඒක එහෙම පැතිරෙන එකක් කියලා..නෑ...නෑ..මට මේ උදව්ව කරන්න....
හරි ..හරි..මම හයිසාන් එක්ක යන්නම්...හරි.....නෑ..මට අද දවස විතරයි තියෙන්නෙ.......අනේ ලොකු උදව්වක් ...ලොකුම ලොකු උදව්වක්...ඇත්තටම උදව්වක් නෙවෙ...පිනක්..මම එයාට හැම දේම පැහැදිලිවම කෙටියෙන් කිව්වා..එකක් හයිසාගෙ අයියා වැල්වටාරම් කතා කරන කෙනෙක් නෙවෙ...එයා වැල්වටාරම් කියවනවට ආස නැති කෙනෙන් වගේම කියන දේ පැහැදිලිවම කියන්න ඕනා..ඒත් හයිසාන් එයා වචනයක් කිව්වොත් ගොත ගහනවා..ඒ නිසාමද කොහෙද එයා අයියට කතා කරන්න ඔය තරමටම බය...
හයිසාන් ...
මම හයිසාන්ට ඵෝන් එක දෙනකොට එයා නලලට මතු උන දාඩිය බිංදු අතින් පිහ දැම්මා...
බින්හායි ...
බින්හායි....??
ඔව්...බින්හායි වලට අරන් යමු....ශැන්හයි ඉදන් පැය දාහතරයි...
ඒත්...යීබෝ..අපි අරන් යන්නෙ...
හයිසාන් ..ඔයා අද ලීව් එකක් ඇප්ලයි කරන්න....ඔයා ලීව් එක ඇප්ලයි කරලා එලියෙ ෆාමසි එකකින් රේසර්,කොන්ඩ කපන මැශින් දෙකක්..ඩෙටෝල්,ගෝස් ඒ වගේම ගෑනු ළමයි ඉන්නවා...ඔයා දන්නවා අපිට මේ දේවල් මැජික් නෙවෙ...ඒක නිසා සැනිටරි පෑඩ් ගන්න...හයිසාන් ..මේක දන්නෙ ඔයයි මායි ඔයාගෙ අයියා විතරයි...කිසිම කෙනෙක්ට මේක ලීක් වෙන්න දෙන්න බෑ...ඒක නිසා මට මේ උදව්ව කරන්න හයිසාන්....මන් ඔයාගෙ පේශන්ස්ලා ඔක්කොම ගන්නම්.
හයිසාන් කොහොමත් පැත්ත ගහලා උන්න චරිතයක් වෙනකොට මම එයා දිහා බලන් උන්නා..එයා දැන් හා කියයි...දැන් හා කියයි කියලා...මට ඒ උදව්ව ඉල්ලන්න උන්න එකම කෙනත් හයිසාන් විතරක්ම වෙනකොට මම එයා දිහා ලොකු බලාපොරොත්තුවකින් බලන් උන්නා..