මම හයිසාන්ට වතුර පුරවන්න කියලා කෑ ගහනකොට ලිට්ල් ඇපල් වගේම ජෙරිත් පස්ස නොබලා හයිසාන් පස්සෙ දිව්වා ....
එහෙනම් අපි නාමු නේද දවස් ගානකින් නාලත් නෑනෙ නේද ....
මං ඇස් හීනි කරන් නාමු නේද අහනකොට ගුටි කාලාත් ඇම්ඩලා දෙන්නෙක් වගේ ඉන්න උන් දෙන්නා සද්ද නොකර උන්නා..මං දන්නවා මුන් දෙන්නා මැරුනත් වචනයක් එලියට දාන උන් නෙවෙ ..මොකද එක පාරම මෙච්චර ගොඩක් මරල දාන්නත් පට්ට මොරාල් එකක් තියෙන්න ඕනා...ගෑනු දරුවො වෙනුවෙන් මෙහෙම දෙයක් කෙරුවා නම් දෙක තුන වදිනකොට මුන් කට අරිනවා ඒත් මෙතන එහෙම දෙයක් නෑ..මුන් තනිකර බ්රේන් වොශ් වෙච්ච හිත් පිත් නැති මිනිස්සු....
නැකිටපන්....
අත් දෙක ගැටගහලා කකුල් විතරක් ලෙහපු එකෙක්ට මං කතා කෙරුවා ...දවස් ගානක් ගැටගහපු කකුල් හිරි වැටිලා තියනකොට හිටගත්ත ක්ශනික ඌව ආපිට පුටුවටම ඇදගන වැටුනා ...
හරි...උඹට පයින් යන්න අමාරු උනාට බිම දිගෙ සැතපිලා එන්න අමාරු නෑනෙ...දැන් මේකනෙ මචං ..උඹලා දෙන්නා කිසිම හිතක් පපුවක් නැතුව උඹලගෙ දරුවන්ගෙ වයස් වල වගෙ ඉන්න අහික්සකයො හතලිහක් ...කීයක්ද හතලිහක් මරන්න අරන් යනකොට ...ඔය හිතෙ කොනක අනුකම්පාවක් ගෑවිලා වත් තිබුන් නෑනෙ නේද...ම්ම්ම්....ඉතින්....එතකොට ....මට...උඹලා දෙන්නෙක් ගැන එහෙම හිතේවිද....
..........
මොකක්ද උත්තරෙ.....නෑ....අන්න ඒක තමයි මගෙ උත්තරෙ ...දන්නවද බල්ලෙක්ට මනුස්සයෙක් වෙන්න ආත්ම ගානක් ගියාට.....මනුස්සයෙක්ට බල්ලෙක් වෙන්න තිරිසනෙක් වෙන්න යන්නෙ තත්පරේකටත් අඩු කාලයක් ....ඉතින්...පෙර පිනකට හම්බෙච්ච මනුස්ස ආත්මෙ තමුන්ලා තිරිසන් ලේබල් එකට වට්ටන් ඉවරයි....
මං ලොකු හුස්මක් අරන් ආයම ඒ දිහා බැලුවා ...
මේලෝකෙ රොබින් හූඩ්ලා ....සුපර් මෑන්ලා ස්පයිඩර් මෑන්ලා ඔය කියන එක එක ජාතියෙ වීරයො නෑ...ඒ වීරයො ඉන්නෙ ඒ ෆැන්ටසි අස්සෙ විතරයි ...හැබැයි වීරයො ටික ෆැන්ටසි එකට සීමා උනාට....දුශ්ට චරිත නම්....ඕන තරම් ජීවත් වෙනවා ....අන්න ඒක තමයි යතාර්තෙ....දන්නවද මං මේ අත්වලින් ඕන තරම් කැත කුනු අතගාලා තියනවා ...ඕන තරම් ජීවිත මේලෝකෙට ගෙනත් තියනවා ...මේලෝකෙට එන කිසිම මනුස්සයෙක් ඉබේ පහල වෙන්නෙ නෑ...ඒකට මාර ගේමක් දෙන්න ඕනා...ගෑනියෙක්ගෙ බඩ උඩ නැගන් දාඩිය දාන් උස් පහත් වෙන එකත් සෙල්ලමක් නෙවෙ ඒකත් තනිකර ගරිල්ලා ගේමක් වගෙ ..මාස නවයක් උස්සන් ඉන්න එක.....කන්න බොන්න බැරිව දුක් විදින එක....දරු ගැබ පහත් වෙන්න පහත් වෙන්න මුත්රා අමාරුව හැදිලා වගෙ සැරින්සැරේට අල්ලන බර....ඇගේම ශක්තිය දාලා පැය ගානක් තටමන එක...ඇගේම අස්ති එක පාරින් කැඩිලා බිදිලා යන තරම් වේදනාවක් උහුලන එක...ඒක සෙල්ලමක්ද .....???එච්චර දේවල් ඉවසන් මේලෝකෙට ගෙනාව ලමයිට මේවගෙ අපරාදයක් කෙරුවා කියලා දැනගත්තොත් දෙමව්පියන්ට මොනවා වෙයිද ....???පපුව කුඩු පට්ටම් වෙයි...සමහර විට ඒ අයව අදටත් හොයනවා ඇති...