02

1.2K 186 13
                                    


හාල් ගෝනියක් පිට මත තබාගෙ කඩමන්ඩිය දෙසට අඩි තැබුවේ කොලු ගැටයෙක්.. ගෝනිය පසෙකින් තබා ඔහු බෙල්ලේ හිරි කැඩුවේ ය.

"මොකෝ අපේ සුමුදු කොල්ලට අමාරුද..? "උපහාසත්මකව තමාට කතා කලේ කව්ද කියා සුමුදු දත්තේ ය. කෝපය පිරි පිළිකුලක්‌ ඔහුගේ මුනේ කට ඇද උනි..
"හා.. හා..ඔහොම රවන්න එපා සුමුදු.. ඔයාට ගොඩක් කරදර සිද්ද වේය්.. නැද්ද මචන්.. " තම සගයන්ගෙන් තරුණයා අහු විට ඔවුන් සිනා උනි.. සිනාව නවතා කුරිරු දෑසක්‌ සුමුදුට එල්ල කරමින් ඔහු දෙසට ඇවිද්දේ ය.

"ගානට හිටපන්..!පොඩි එකා!" කී ඔහු සුමුදුව තල්ලු කර සගයන් සමග ගියේ ය.

බිම ඉද ගෙනම ඔවුන් යන දෙස බලා සිටි සුමුදුගේ දෑසින් කදුළු කඩා වැටුනේ ය.. කව්රුත් වෙන එතන නැති බව දෑත ඔහු තම කදුළු වලට ඉඩ දී දණහිස් අතර මුහුණ සගවමින් හැඩුවේ ය.

"සුමුදුවෝ, කොල්ලෝ මොකද උබ අඩන්නේ..? "හැඩිම නතර කල සුමුදු හිස ඔසවා බැලුවේ කමලාගේ කටහඩ නිසා..ඉක්මනින් කදුළු පිහ ගත් ඔහු කතා කලේ ය.

"මුකුත් නැතුව නැන්දේ, නි නිකන්.. "

මුකුත් නැත්තේ නැනේ.. ම්ම්.? අක්කා ගැන හිතලා නේද..? " කමලා සුමුදුගෙ හිස අත ගමින් අහු විට සුමුදු නැවත කදුළු වලට කඩා වැටුනි..

කමලා ඔහුව බදා ගෙන පිටට තට්ටු කලේ ය..
සැමවිටම කරුණාබර හිතක් තිබු කමලා සුමුදුගෙ දුක තේරුම් ගත්තේ ය.. ඇය සැමවිටම අයට හැකි පමණින් ඔහුට මවක් වගේ සැලකුව ය.. නොදැනීම ඇගේ දෑසට කදුළු ආවේ ය.

නමුත් ඔවුන් දෙස කදුළු කැට කිහිපයක් සමග තවත් දෑසක්‌ බලා සිටින බව කමලා හා සුමුදු නොදත්තේ ය.

"කෝ ඉතින් නැගිටින්න.. හොද කොල්ලනේ.. අන් අරහේ අඹ වගයක් තියෙනවා. මට‍ අච්චාරු දාල දීපන් පොඩි එකේක්‌ වගේ අඩන්නේ නැතුව..!" කමලා සුමුදුව සනසමින් කීවා ය.

සුමුදු ඊට සිනා සි කදුළු පිසමින් කුස්සියට දිව්වේ කමලා හිනාවක් සමග ඔහු දෙස බලා සිටිද්දී..

අච්චාරුවක් සද එය කමලාට හා අහිංසාට පිලිගන්වා සුමුදුද කැල්ලක් කටේ ඔබ ගත්තේ ය.

" ම්ම්.. මේ තියෙන්නේ රහට..!" කමලා කීවා ය.

" ඔව් රහයි.. "අහිංසාද කීවා ය.
එකේහිනිම ඔවුන්ට වැයුමක් ඇහුනි.. මිහිරි ලෙස එය වාදානේ උනි..

⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️Where stories live. Discover now