ට්‍රින්ග් ට්‍රින්ග්
ඒ කිරි මාමාගේ බයිසිකලේ සිනුවය්.. දවසක නිවාඩුවෙන් පස්සේ ආපහු වැඩට ආපු සුමුදු කිරි මාමාගෙන් කිරි බෝතල් දෙකක් අරගෙන පුරුදු විදිහටම කමලාට දුන්නේ ය.
එළවලු කොටුවේ පැලවලට පොහොර දමදමා ඉද්දි සුමුදුගේ වෙනසක් පෙන්න තිබුන.. පුංචි මහත්තය හමු වි ඔහුගෙන් සමාව ගන්නකන් සුමුදුට තිබුනේ නොඉවසිල්ලක්.. එත් තාමත් පුංචි මහත්තයව හම්බෙන්න තියා ඔහුව ඇහැටවත් දකින්න සුමුදුට බැරි උනා..
"සුමුදු.. "
"ඕඕ?? කියන්න අය්යේ? " තමන්ට කතා කරපු මුදලාලි ලග වැඩට ඉන්න සුමුදුට වඩා ටිකක් වැඩිමල් පිරිමි කෙනෙක් කතා කලාම සුමුදු පිළිතුරු දුන්න.
"මුදලාලි මාමගේ ලොරිය ඇවිත්. වරෙන් බඩු ටික බාන්න."
"අහ්.. යන්.. " කියමින් සුමුදු ඔහු පසු පස ගියේ ය. ලොරියේන් හාල් ගෝනියක් අරගෙන තියලා ආපහු තව මල්ලක් අරගෙන ලොරියෙන් එක ඇද්දත් මල්ල ඉරිලි ගිහින් ඇතුලේ තිබ්බ පරිප්පු වගයක් හැලුන..
"සුමුදු...!!"කේන්තියෙන් කගහුවේ මුදල්ලි.
" මොකද්ද යකෝ මේ කලේ..?! ඔක්කොම හැලුව.මොන හු**ක් දිහා බලන්ද උබ වැඩ කරන්නේ??! මේවා දැන් ගණන්..! තමුසෙට මේක ණය ගෙවන්න පුළුවන්ද යකෝ?!" "බය වෙලා සුමුදු බිම බලන් හිටියත් ඔහුට මුදලාලි බනිද්දි ගෙදර ඉස්සරහ දොර දිහා බැලුන..
"තොපිට මන් පඩි දෙනවා මදි වෙලාද මේක හැලුවේ?? හිටහං තොගේ පඩි මන් කපනවා මාසෙක.!" මුදලාලි කී විට සුමුදු හිස ඔසවා බැලුවේ ය. තමන්ට මාසෙකට හම්බෙන්නෙත් සුළු පඩියක්.. එකත් කපල දැම්මම ඔහුට ජිවත් වෙන්න සල්ලි නැති වෙනවා. නැහැ.. අක්කව සනීප කරන්න සල්ලි නැති වෙනවා.. සුමුදුගෙ ඇස් වල කදුළු පිරි ගියේ ය.
"අනේ මුදලාලි මාමේ.. මට සමාවෙන්න එත් මගේ පඩි කපන්න එපා.. එහෙම උනොත් මන් අක්කව සනීප කර ගන්නේ කොහොමද?"
" ගනින් උබේ ජරා අත අහකට! තව පඩි කපගන්න ඕන වෙලාද? නැත්තං පලයන් මෙතනින්..!" සුමුදුගෙ අත ගසා දැම්ම මුදලාලි එතනින් අහකට ගියේ ය..
"පලයන් සුමුදු.. දන්නවනේ මුදලාලිගේ හැටි.. "කලින් තමන්ට කතා කරපු අය්යා සුමුදුගෙ උරහිසෙන් අත තියලා කරුණාවෙන් කිවේ ය. ගමේ ඉන්න හැමෝම වගේම මුදලාලිගේ හැටි දනිති.ඔහු ලග වැඩට ඉන්න මිනිස්සුන්ට මෙය පුරුදුයි.. සුමුදු හිමිට නැගිට එතනින් ගියේ ය.
ESTÁS LEYENDO
⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️
Romance"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති හදත් ඉන්නවට.. හරියට මන් වගේ.. මන් පුංචි තරුවක්! පුංචි මහත්තය හද!"