17

826 129 11
                                    

" අක්කේ......!!!!!!!!!!" සුමුදු හය්යෙන් කෑගැහුවේ ය.

" මොකද මොකද මල්ලියේ...?!" අප්සරා බයෙන් දුව ගෙන ආවේ සුමුදුට කරදරයක්දැය් සිතමින්.

" අක්කේ.. අද.. අද... යා.... මන් දැන් ලොකු කොල්ලෙක්...!" ඔහු ආඩම්බරෙන් කිවේ ය.

සුමුදු දැන් කෑගැහුවට අප්සරා එය දැන සිටියා ය. හිනාවක් මුනට නගා ගෙන ඈ සුමුදුව වැලද ගත්තා ය.
" ඔව්.. මයේ මල්ලි දැන් ලොකු ළමයෙක්..!"

සුමුදු හිනා වුනේ ය.

මද වෙලාවකින් ඔවුන් මුදලාලි නිවසට ගියේ ය.අප්සරා කමලා එක්ක කතා බහේ යෙදෙද්දී සුමුදු මිදුලට ආවේ තමන්ට කිරීමට වැඩක් අත්දැය් බැලීමට.. අවසානේ වැඩකට කියලා ඔහුට හමුවුනේ කඩේ සුද්ද කිරීමයි.. කොස්සක් අරන් කඩේ අතු ගාමින් ඉද්දි පුංචි මහත්තයා එතනට ආවේ නිදිමර ගාතේ..

" පුංචි මහත්තයා, මොකෝ මේ නිදිකිරා වැටෙන්නේ? "

" ම්ම්..? මන් තව නිදා... ගන්නවා ඔයාව ජනේලෙන් දැක්කේ නැත්තං.. " කි ඔහු ඇස් පියා ගත්තේ ය. සියුම් ඔහු ගෙරෙව්වේ ය.

" පුංචි මහත්තයා, අහන්නකො.. අද මට දාහත ලැබුවා.. මන් දැන් ලොකු කොල්ලෙක්..!"

" හ්ම්... "

" අක්කා කිව්වා අද පන්සල් යනවා කියලා.. "

" හ්ම්.. පන්සල් යන්නේ ඇයි..? "

" මට දාහත ලබපු නිසා පිරිත් නුලක් බදින්නනෙ..!"

" හ්ම්.. මොකක්..! ඔයාට දාහතය්..!? "

" ඔව්.. "

" දැන්ද මිනිහෝ කියන්නේ? " ඉදන් හිටපු බන්කුවෙන් නැගිට පුංචි මහත්තයා කෑගැහුවේ ය.

" ඔ-ඔව් ඉතින්..? "

" ඉඩියට් ..!!" කි පුංචි මහත්තයා වේගවත් අඩි තියමින් ගේ ඇතුලට ඇවිද්දේ සුමුදු එ මොකද්ද උනේ යැය් සිතද්දී..
උරහස් හකුලමින් ඔහු නැවත තම කාර්ය කිරීමට පටන් ගත්තේ ය.
වැඩේ ඉවර වෙලා සුමුදු කුස්සියට ඇවිදන් ගියේ ය. නමුත් එකවරම නෙවිල් මැදින් පැන්නේ ය.

"ලිට්ට්ල් බෝයි.. හැපී බර්ත්ඩේ ..!"

" ආ..? "

" අහ්... සුභ උපන්දිනයක් කියලා කිව්වේ..!" ඔහු සුමුදුගෙ කොන්ඩේ ඇවිස්සුවේ ය. සුමුදු හිනා වි බිම බලා ගත්තේ ය.

⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️Donde viven las historias. Descúbrelo ahora