07

966 160 15
                                    

එදායින් පසු සුමුදු පුංචි මහත්තයව දකින වාරයක් පාසා ලජ්ජාවෙන් රතු වි බිම බලන්නේ පුංචි මහත්තයාගේ මුනේ හිනාවක් අදිමින්... ඒ වෙද්දී සුමුදු පුංචි මහත්තය ගැන අදහසක් තිබුනත් සමහර හේතු නිසා එය යටපත් කර ගත්තේ ය.

දහවලේ මුදලාලි කඩේ අතු ගාමින් හිටපු සුමුදුට යමෙක් කතා කරන කම්ම ඔහු දුටුවේ නැත.

" මේ මල්ලි.."

" ඕඕ.. " සුමුදු හැරී ඇහුවේ ය. ඔහු දුටුවේ කොටු කන්නාඩියක් පැළද කොන්ඩේ පිටු පසට පීරා සිටි කඩවසම් තරුණයෙක්.. නමුත් අකීකරු ලෙස මුහුණට වැටිච්ච කොන්ද කැල්ලක් එල්ලී තිබුනේ කන්නාඩියෙන් වදිමින්.. එක කනක කරබුවක් එල්ලා තිබු ඔහු දුටු විට සුමුදුට ඔහු හුරුපුරුදු බවක් දැනුනි.

" කමලා නැන්දගේ ගෙදර කොහෙද දන්නවද? " තරුණයා ප්‍රශ්න කලේ ය.

" අහ්.. අර පැත්තේ තියෙන්නේ..! " කී සුමුදු ඇගිල්ලක් දික් කර පෙන්නුවේ ය.

"විශ්වාසද? මුදලාලි මාමා කියන්නේ, එහෙ?"

" ඔව්.. මේ එයාගේ කඩේ.. "

" ආ.. ඔයා එයාගේ පුතෙක්ද? "

" නැ නැ.. මන් වැඩට ඉන්න කොල්ලා.. "

" ආ.. හරි තෑන්ක්ස් " කියා තරුණයා සිනා වි පිටව ගියේ ය. ඔහු යන දෙස බලන් හිටපු සුමුදු මිමිනුවේ ය.
" ස්තුති කලේ වත් නැ.. කොහොම හැදිච්ච මිනුස්සුද මන්ද..!"

ඔහුට රවා සුමුදු නැවතත් අතු ගාන්න පටන් ගත්තේ ය.අතු ගා ඉවර වි සුමුදු බංකුවට උඩින් වාඩි උනේ කමලා එනකන්.. දින කිහිපයකට මුදලාලි නගරයට ගොස් සිටි නිසා කමලාට ඒ රාජකාරි පැවරිණි.

ටික වෙලාවක් බලන් හිටපු සුමුදුට බංකුවට උඩම නින්ද ගිහින් තිබුනි.. බංකුව උඩ වකුටු වි සිටි සුමුදු එකවරම ඇහැරුනේ මොන හරි තමන්ගේ මුනට වැටෙන බව දැනිල.. නමුත් ගැස්සිච්ච පාර සුමුදු බංකුව පිටින්ම බිම වැටුනි.

" හා.. හා... හා .. 😈😈"

සුමුදු ඇගේ දුවිලි පිහ දා ගෙන හිනා වුණ අය දෙස බැලුවේ ය.නමුත් බය වි ඔහු බිම බලා ගත්තේ ය.

"අනේ පව් බලන්නකෝ.. හා.. හා.. හා..වැටුනද..? ම්ම්..? කො බලන්න උව උනාද චුටි පැටියව.!"සචින් එහෙම කිව්වේ සුමුදුව අල්ලන්න බලන්.. සුමුදු ඔහුව මග අරිමින් පස්සට ගියේ ය.

⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️Onde histórias criam vida. Descubra agora