14

836 143 13
                                    

උදැසන සිත සුළගක් හමා ගියේ ය. ගස් වල පිපුන මල් වල පැණි බොන්න සමනල්ලු පියබා ගියහ. නවතම මුහුණුවරකින් දවස ආරම්භ උනි.

මුදලාලි නිවසේ පිටුපස පිහිටි වත්තේ එරමිණිය ගොතන් යමක් කරමින් කොලු ගැටයෙක් වාඩි වි සිටියේ ය. මදක් සුදුමැලි වි තිබු ඔහුගේ මුහුණේ රතු වි ඉදිමුණු ඇස් කැපී පෙනුනේ ය.ඉද හිට හොටු පෙරෙන ඔහුගේ නාසය ' සුරුස් ' හඩින් ඉහලට ඇද්දේ ය.

එකවරම යමෙක් ඔහුව පිටුපසින් වැලද ගත්තේ ය. මුහුණට නැගුන හිනාව එක්ක ඔහු පැමිණි කෙනා දිහා බැලුවේ ය.

" මොකද ඔයා කරන්නේ? "

" පෝ(හො)ර අනනවා. "

" හොදය්.. එත් ඒවා අමුතුයි.. අමුතු ගදකුත් එනවා සුවදකුත් එනවා.

" මන් ආසයි මේවට, පුංචි මහත්තයත් අල්ලලා බලන්න." ගොම ටිකක් අතින් පොඩි කරමින් සුමුදු ඇහුවේ ය.

මුණ මදක් ඇද කරමින් පුංචි මහත්තය ගොම අල්ලන්න පටන් ගත්තේ ය. සුමුදුත් හිමින් ඔහුගේ ඇගේ ඒවා ගාන්න උනි.

" මේවා මරුනේ ගද උනාට"

" ඔව් මේ ඉතින් ගොමනේ.. "

" මේවගේ නම ගොමද? ගොම... මන් කොහේ හරි ඒ වචනේ අහල තියෙනවා.. "

සුමුදු හිස වනමින් එකග උනේ ය. විටින් විට ඔහුගේ තොල් වක් උනත් එය ඔහු පාලනය කර ගත්තේ ය.

" සුමුදු, ඇයි.. ඔයාගේ ඇස් රතු වෙලා? " පුංචි මහත්තය ප්‍රශ්න කලේ ය.

" අ.. මුකුත් නැ.. ඕන්න ගෑවා. මේවා මුනේ ගෑවම සුදු වෙනවලු." අනෙකාගේ මුහුණේ ගොම තවරමින් සුමුදු කිව්වේ ය.
ඔවුන්ගේ කතාවට බදා කරමින් එතනට නෙවිල් ආවේ ය. නහය යට මදක් කැසූ ඔහු කතා කලා..
" මරු ෆෙෂල් එක..!"

" ඇයි තමුන්ට ඉරිසියයිද? "

" අපෝ නැ.. මන් ගාව තියෙනවා හොද බ්‍රෑන්ඩ් නිව් ෆේස් වොෂ්.. ඉතින් මට හරක්ගේ ගොම මුනේ ගාගන්න ඕන නැ.. " රගපාමින් මෙන් නෙවිල් කිව්වේ ය.

" ඉතින්.. මේවා හොද.... මොකද්ද කිව්වේ? හරකගෙ ගොම..? හරකගෙ ගොම කිව්වේ...? හ-හරක්ගේ... ගොම...!! " ඉතින් ඔහුට එය වැටහුනේ එවලේ ය.ඔහු කඩදාසියක් මෙන් සුදු වි ගියේ ය.නමුත් මුහුණේ ගොම තවරා තිබුනෙන් එය පැහැදිලිව නොපෙනුණි. ඔහු කෑගහන් නැගිට්ටේ ය. " ආ....... ඊයා..... සුමුදු..... මේ.. ජරවද ඔයා.. මගේ මුනේ ගෑවේ.....? අනේ මගේ මුණ... ඊයා...... "

⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️Waar verhalen tot leven komen. Ontdek het nu