21

757 124 1
                                    

යාන්තමට අදුර වැටි ගෙන එද්දී සුමුදු බොරළු පාරේ හිමින් ඇවිදගෙන ගියේ ය. සුමුදුට කෙතරම් හුරු උවත් එය මෙ මොහොතේ ඔහුට එහි නුහුරුවක් දැනුනි.. තමන්ගේ පසෙකින් යමෙක් ඉන්න බව සුමුදුට දැනුනත් එතැන හිස් විය.නිවස ලගට ආවත් ඇතුලට යාමට සුමුදුට සිත් නොවිය.. හෙ මද දුරක් ඉන් ඈතට ඇවිද්දේ ය.ඉදිරියේ ඇති කොටය දැකි ඔහුගේ මනසට යමක් සිහි විය.

'සුමුදු මන් හැමදාම රෑට එන්නද? '

'හ්ම් '

'එහෙනම් නිදා ගන්න බැ ඔන්න. '

' හ්ම් '

කරදරකාරී මුහුණුවරකින් සුමුදු ආපහු වේගෙන් නිවසට දිව්වේ ය.ගොස් අප්සරාට එහා පසින් ඇලවිය

" මල්ලි..? " ඇය කතා කලා ය.

" මට.. අක්කව බදා ගන්න පුලුවන්ද..? " සුමුදු ඇහුවේ ය. අප්සරා එකග විය. සුමුදු තදින් අප්සරාව වැලද ග්දනා ඇගේ පිට මත මුණ හැංගුවෙ ය.

" මොකෝ උනේ..? "

" මට... මට මොකක් හරි මග ඇරිලා වගේ දැනෙනවා... එත්.. මොකද්ද කියලා.. දන්නේ නැ.. " සුමුදු අඩන්න මේන් කිවේ ය.

" ඉතින් මල්ලිට මොනා හරි අමතක වෙලා ඇති.. ටිකක් කල්පනා කරලා බලන්න.. "

" මට.. අඩන්න ඕන.. "

" හ්ම්.. අඩන්න... " අප්සරා කීවා ය. නොදැනීම සුමුදුට ඇඩෙන්න විය.

" ම-මට..'ඉහි' බැ.. මට මොනා හරි ම-ග ඇරිලා.. අක්කේ ..'ඉහි ' මන්..' ඉහි ' දන්නේ.. න් -'ඉහි' මොකද්ද කි-යල..'ඉහි"

සුමුදු ඇඩිමෙන් පසු ඉකි ගහමින් කියන්න විය.. අප්සරා ඔහුගේ හිස අත ගාන්න විය.

අවසානයේ සුමුදුට අප්සරාගේ තුරුලේම නින්ද ගියේ ය.
සුමුදු සිහිනයක් දුටුවේ ය.

එහි දෙදෙනෙක් විය. ආදරෙන් සිටි ඔවුන්ගෙන් අයෙක් සුමුදු විය. අනෙකාගේ රුපය පැහැදිලි නැති උනත් සුමුදු ඔහුව හැදින සිටියේ ය. සතුටින් කල් ගෙවමින් ඔව්හු සිටියෝ ය.

එකවරම ඔවුන්ව පිරිසක්‌ වට කර ගත්හ.. සුමුදු අනෙකා දෙස බයෙන් බැලුවේ ය. තමන්ව ආරක්ෂා කරමින් අනෙක් අය සමග සටන් වදින ඔහු දිහා සුමුදු ආදරයෙන් බැලුවේ ය.

⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️Where stories live. Discover now