" සුමුදු, ඔය ගහ උඩ ඉන්නේ නැතුව.. පහලට ඇවිදින් උදව්වක් කලොත් නරකද? "
අඹ ගහ මත්තේ ඉදන් ගමේ ඈත අසිරිය විදිමින් සිටි සුමුදුගෙ සිතුවිලි දාමයට බාදා කලේ කඩමන්ඩියේ සේවකයෙක්.
එ දෙස හැරුන සුමුදු හිනා වී ඉක්මනින් ගහෙන් බහින්න වුයේ පෙර සිදු වීම් මනසට ගලද්දීය්. ඉන් ඔහුගේ මුණ සිනාවකින් සැරසී ගියේ ය. පහලට බැහැ ගත් ඔහු අනෙක් අයගේ උදව්වට ගියේ කැමැත්තෙන්මය්.මුදලාලිගේ නිවස එකම කලබලයක්.. සේවකයෝ, ගමේ වැසියෝ, ගෙවිලියෝ සෑම දෙනාම එහෙට මෙහෙට යමින් වත්ත පිටිය සුද්ද කරයි, සමහරක් ගේ සරසමින්, වැඩ වල නිරත විය. ඉතින් වසර දෙකක් ගිය තැන කමලාගේ හා මුදලාලිගේ අවසාන බලාපොරොත්තුවක් වූ තම දියණියගේ විවාහයට ඔවුන් සුදානම් වුයේ ද කඩියන් මෙනි.
ඉතින් වසර දෙකක් කියන්නේ පුංචි කාලයක් උනත් සුමුදුට එය කල්පයක් මෙන් දැනුනි. අවරුදු 19 ඉලන්දාරියෙක් වෙච්ච සුමුදු මේ කාලය ගෙව්වේ ආඩම්බරෙන්.. හැමදාම හිතේ තිබුනා වගේ ඔහු ලොකු වීම ඔහුව සතුටු කලා. සුමුදු නිතරම පපුව පුම්බන් කිව්වේ ' මන් දැන් ලොකු කොල්ලෙක් ' කියලා..
කටහඩ මදක් ගැබුරු වී, ස්වරාලය අවට ඉදිරියට නෙරා ඇවිත් , දැලි රව්ලක් ආපු සුමුදු හුග කාලෙකට පස්සේ දකින්නෙක්ට එකපාරටම අදුර ගන්න බැරි වෙන්නේ ය. නමුත් එය තත්පර කිහිපයකට සිමා වන්නේ ඔහුගේ කහ-දුබුරු ඇස් දෙක නිසය්.
හොරා කිහිපයකට පසු ලස්සනට සරසලා තිබුන ගෙදර සෙනගින් පිරි ගියේ ය. සුමුදුද ඇතුලේ වෙන දේ ජනෙලෙකින් ඔලුව දාන් බලන් හිටියේ ය. මේසයක් ලග පිරිමි කෙනෙක් ඉදිරි පස නිමල් හිටන් හිටියා. ටිකකින් දොරත් ඇරන් කමලා ආවා ය. ලස්සන ඔසරියක් ඇදන් ඇගේ අතේ එල්ලී ගෙන හංසි ආවේ මුණ පාත් කරන් ය.
මේ හැම දෙයක් දිහාම සුමුදු බලන් හිටියේ සන්සුන් හැගීමෙන්.ටිකකින් ඔහුට සංවේදනයක් දැනුනි.
" අක්කේ.. " අප්සරාව දැක ඔහු කතා කලා.
" ලස්සනය් නේද? "
" ඔව්.. "නැවත ඇතුල බලමින් සුමුදු පිළිතුරු දුන්නේ ය.
ඇතුල බලපු සුමුදු දුටුවේ මුහුණේ සිනාවක් රදවන් ඉන්න නෙවිල්වය්. නමුත් එය තමන් වෙත නොවූවක් බව ඔහුට වැටහී ගියේ ය.
KAMU SEDANG MEMBACA
⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️
Romansa"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති හදත් ඉන්නවට.. හරියට මන් වගේ.. මන් පුංචි තරුවක්! පුංචි මහත්තය හද!"