05

1K 161 5
                                    

ගස් වලින් වැහි බිදු වැටි හිරු එලිය සමග දිලිසුනේ ය.. පොලවේ තිබු තෙත් සමග නැවුම් සුවදක් දසත හමා ගියේ ය..

සිතල සුළග මැද සුමුදු ගලක් උඩ වාඩි වි සිටියේ ප්රෝබෝදමත් හැගීමකින්.. සංවේදනයක් දැනුනු නිසා සුමුදු හැරී බැලුවේ ය. ඔහුගේ එහා පැත්තෙන් පුංචි මහත්තය වාඩි වුනේ ය..

"කොහොමද පුංචි මහත්තය,? ඊයේ හොදට නින්ද ගියාද..? "සුමුදු ඇහුවේ සිනාවක් සමග.

"නෑ.. "පුංචි මහත්තයාගේ හදේ දුක්බර බවක් ඇත් දැය් ඔහු කලපනා කලේ ය.

"ඇයයේ?! ඊයේ හොදට වස්සානේ.. මන් නම් සැපසේ.. නිදා ගත්ත. " කී සුමුදු ඇග අතුල්ලා ගත්තේ ය..

අසල තිබු අඹ ගහේ තිබු වැහි බිදු ඔවුන්ගේ ඇගට වට්ටමින් හුලගක් හමා ගියේ ය.

"සුමුදු, හංසි ගැන මොකද හිතන්නේ?" පුංචි මහත්තයාගේ කතාවෙන් සුමුදු මදක් පුදුම උනා.

"ඒ කිව්වේ.. හංසි ඉතින් හොදය්නේ..?! ම්න් වරදක් දකින්නේ නෑ.._
කොහොමත් එයා එයා බදින්නලු ඉන්නේ.." ඇගට වැටුන වතුර පිහ දමමින් සුමුදු පිළිතුරු දුනී.

"එයා බදින්න ඉන්නේ මාව... එත් මට‍ එයාව බදින්න ඕන නෑ සුමුදු, " පුංචි මහත්තය මිමිනුවේ ය.

ඔවුන් අතර මද නිහඩතාවක් පතිරුනි.

"සුමුදු!!" එක වරම ඔවුන් අතර නිහඩතව බිද දැමුවේ පුංචි ළමුන් වගයක්..

"මොකෝ..?? "

" අපිට අඹ කඩල..!! "පුංචි කොල්ලෙක් කිවේ අඹ ගැහේ තිබු අඹ වල්ලක් පෙන්වමින්.

"අනේ..!!"

සුමුදු හිනා වි ඔවුන්ගේ හිස් අත ගෑවේ ය..
"හා.. මන් කඩල දෙන්නම්..!" ඔහු කිවේ ය.

හෙමිට කකුල් තබමින් ගහට නැගි ඔහු කතා කලා..

"ආන් අතන කුඩයක් තියෙනවා.. අරන් එන්න.!!"සුමුදු කී පරිදි පුංචි ගැනු ළමයෙක් කුඩයක් අරන් ආවේ ය.. එකින් එක සුමුදු අඹ කඩා බිමට දැම්මේ ළමුන් ඒවා පන්දු රකින්නන් මෙන් අල්ල ගනිද්දී.

ඔවුන් දෙස බලා සිටි පුංචි මහත්තය කතා කලේ ය.

"මටත් ඕන සුමුදු, මාත් අඹ කන්න ආසය්..!"

⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️Where stories live. Discover now