උදැසන හිරු එලිය එක්ක පිනී බිදු දිලිසුනේ ය. කුකුලන්ගේ හඩ මැද සියලු ගම් වැසියෝ තම තමන්ගේ වැඩ වල සුපුරුදු ලෙස නිරතුනො ය.
ගමේ තිබුන නාන ලිද ලග ඉදන් තරුණයෙක් තම ඇගට වතුර බාල්දියක් හලා ගත්තේ ය.
" හු... සීතය්.. " බොරුවට වෙව්ලමින් තම ඇග අතුල්ල ගත් ඔහු යමක් මතක් වුණ නිසා බැම්මට හේත්තු උනේ ය.
යටි තොල හපා ගත් ඔහුගේ මුහුණ ලජ්ජාවෙන් රතු උනේ ය. කොන්ඩේ ගසා දමලා අලුත් ඇදුමක් ඇද ගත් ඔහු හිතේ සතුට ප්‍රදර්ශනයට මෙන් උඩ පැන පැන ගියේ ය.
" නෑවද? මන් බැලුව එක පාරටම සුවදක් ආවේ කොහෙන්ද කියලා? " අප්සරා නහය හකුළුවමින් කීවා ය.
" මන් ගාව ගද නැතුවා! බොරු කියන්ට එපා.. මෝඩ අක්කා!" දිව දික් කලේ ය.
අප්සරා සිනා වි සුමුදුගෙ හිස අත ගන්න උනි..
උදැසනම නා ගත් නිසාවෙන්ද යන්න අපැහැදිලි උනත් සුමුදු අමුතුම සතුටකින්, නැවුම් බවකින් පිරි හිටියේ ය. ගෙවන දවස් ටිකට ඔහුගේ ජිවිතේ ට ගොඩක් දේවල් ලැබුණි..වෙනදට වඩා අප්සරාගේ ක්‍රියාශීලි බවක් හා පෙර මෙන් උසුළු විසුළු කිරීම නිසා සුමුදුගෙ හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් වෙලා යනවා වගේ දැනුනේ ය.
" මන් යනවා..!" සුමුදු නුරුස්සමින් කිවේ ය.
" හ්ම්.. " අප්සරගෙන් කෙටි පිළිතුරක් ලැබුන විගස සුමුදු ගෙදරින් එලියට පැන්නේ ය.
නොදිව්වත් වේගවත් පියවර තබමින් සුමුදු මුදලාලි නිවසට ගොඩ උනේ ය.කමලා කුස්සියේ ඉදන් කෑම පිසිමින් හිටියත් මුළු නිවසම නිහඩ උනි. තමන් ඇවිත් වේලාසන වැඩිද ලෙස සුමුදුට හිතුන. හිමිට පුංචි මහත්තයාගේ කාමරේට ගිය ඔහු දුටුවේ හිස් කමරයය්. පුංචි මහත්තය එහි නොවිය.ආපහු එලියට එන්න හැදුවත් කාමරේ කෙළවරක තිබු ගිටාරය දෙසට සුමුදුගෙ ඇහැ ගියපු නිසා ඔහු එය අල්ලන්න උනි. පුංචි මහත්තය නිසාම ඉස්සෙලා පාරටම දකින වාද්‍ය භාණ්ඩය දිහා බලන් ඉදල ඒ උඩ අත යැව්වේ ය.
තත් වාදනය උනේ ය.
සද්දේ හය්යෙන් ඇහුන නිසා සුමුදු ඉක්මනට තත් තද කලේ ය. සැනසුම් සුසුමක් හෙලා පරිස්සමට එක උඩ අත අරන් ගියේ ය. පුංචි මහත්තය වාදනය කරන්න අල්ල ගන්නවා මෙන් සුමුදු එය අල්ල ගත්තේ ය. වෙන කෙනෙක් එතන හිටිය නම් හිනා වෙලාම මැරෙන තරමට වෙන්න උනේ ගිටාරය සුමුදුට වඩා ලොකු නිසා..
VOUS LISEZ
⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️
Roman d'amour"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති හදත් ඉන්නවට.. හරියට මන් වගේ.. මන් පුංචි තරුවක්! පුංචි මහත්තය හද!"