දින දෙකක් පමණ ගෙවුණි. එදින සිදු වූ සිද්දියෙන් පසු සුමුදුට පුංචි මහත්තයාව හමු වීමට නොහැකි වුනේ ය. ඊට හේතු වුනේ ඔහු තම කාමරයෙන් එලියට නොපමිනිමය්. නමුත් සුමුදුට එය දරා ගැනීමට නොහැකි උනේ ය. තමා ඔහුට වරදක් කලා යන සිතුවිල්ල සැමවිටම සුමුදුගෙ සිත පෙරටු කර ගත්තේ ය. නමුත් බලාපොරොත්තු සහගතව ඔහු මුදලාලි නිවසේ වැඩට ගියේ ය. හවස් වන විට කල්පනා ලෝකයේ හිටියේ සුමුදු සිහියට ආවේ නෙවිල්ගේ කටහඩින්..
" ඕඕ..? "
" මට පොඩ්ඩක් කතා කරන්න ඕන සුමුදු, "
සුමුදු එකග වෙමින් නෙවිල් සමග ගියේ ය. බැම්මක් උඩින් වාඩි වුන ඔවුන්ගෙන් නිහඩතාවය බින්දේ සුමුදු..
" මොකද්ද කතා කරන්නේ ඕනි..? "
" පොඩි.. තාම සුමුදු එක්ක කතා කලේ නැද්ද? "
සුමුදු නැ කියන්න ඔලුව වැනුවේ ය.
නෙවිල් සුසුමක් හෙලුවේ ය." අහන්න.. එදා අර හිටිය ගැනු ළමයා කව්ද සුමුදු..? ඒ ඔයාගේ අක්කද? "
" ඔ-ඔව්.. "
" මන් දන්නේ නැ ඔයාලය් පවන් අතරය් මොනාද වුනේ කියලා.. එත් මන් දෙයක් කියන්නම්, හැබැයි ඒක දිග කතාවක්..!" කි නෙවිල් තම නළල පිරිමැද්දේ ය. සුසුමක් හෙලා ඔහු තම කතාව පටන් ගත්තේ ය.
" අවුරුදු තුනකට කලින්.. අපේ පොඩියි, පවනුය් කියන්නේ හොද යාලුවෝ.. එයාල හැමදේම කලේ එකට, ඒ තරම් යාළුකමක් එයාලා අතරේ තිබ්බා..
එත් දවසක් එයාලගේ කැම්පස් එකට ආපු කෙල්ලෙක්ට අපේ පොඩි කැමති උනා.. ඒ ගැනු ළමයා හරි ලස්සනය් හොද කෙනෙක්.. එයා හරියට ඔයාගේ අක්කා වගේ.. වගේ නෙවේ එයාම තමා.. ඔයාගේ අක්කව මුලින් දැකපු වෙලාවේ මටත් හිත ගන්න බැරි උනා. මොකද ඒ දෙන්නම එක වගේ..! එත් එයාගේ නම නිෂාමි.. "
හාස්‍යජනක යමක් ඇති ලෙස නෙවිල් මදක් හිනා වුනේ ය. නමුත් සුමුදුගෙ මුහුණේ තිබුනේ හිස් හැගීමක්..
" එ දෙන්න හරි හොදට හිටියා, හරිම ආදරෙන්.. එත් දවසක්..රෑ පොඩි හොදටම බීල.. මන් එයාව ගන්න යනකොටත් බෝතල් දෙකක් විතර ඉවරය්.. නැගිටින්නවත් එයාට පණක් නැ.. එයයි නිශාමිය් අතර ප්‍රශ්නයක් වෙලා.. මන් පස්සේ දැන ගත්තා.. ඒ ප්‍රශ්නේ ඇති කලේ පවන්..!" කි නෙවිල් ගේ අත මිට මෙලවුනේ ය. කෝපයෙන් ඇද වුන මුහුණ නැවත සන්සුන් කරන් ඔහු කතා කලා..
YOU ARE READING
⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️
Romance"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති හදත් ඉන්නවට.. හරියට මන් වගේ.. මන් පුංචි තරුවක්! පුංචි මහත්තය හද!"