11

902 149 2
                                    

උදැසන ඉදන්ම මුළු අහසම කළුවර කරලා තිබුනත් වැස්සක් තවම ඇද හැලුනේ නැත. විටින් විට ඇති වන මහ සුලගට ගස් ඇබිරි ගියේ දසතම කොළ වට්ටමින්.

මුදලාලි නිවසේ ඉතොප්පුවේ පුටු හතරක් තිබුනත් ඉන් තුනක මුදලාලි අහිංසා හා කමලා වාඩි වි හිටියේ යමක් සාකච්චා කරමින්.. විලියම් වෙනුවෙන් අනෙක් පුටුව වෙන් වුනත් ඔහු නගරය බලා ගොස් සිටියේ තම රාජකාරියකටයි.

"අනේ නැ.. එදා ලොකු බොරුවට එහෙම කිව්වේ පොඩිට කව්රුත් නැ තාම.. "අහිංසා කතා කලා.

"එහෙනම් මේ වැඩ කල් දාන එක හොද නැ.."බුලත් පඩික්කමට කෙල ගහපු මුදලාලි කිවේ ය. " උබ හාල් ගෝනි ගිහින් දැම්මද? එදා වගේ හැලුවේ නැනේ? "එතනට ආපු සුමුදුගෙන් අවසාන පෙළ ප්‍රශ්න කලේ ය.

"ගොහින් දැම්ම මාමේ, " සුමුදු මද අපහසුතාවේකින් කිවේ ය.

"කොල්ලෝ උබට මොකක් හරි ලෙඩක්ද? උබව ඇදිල ගිහින්නේ? "කමලා සුමුදු දිහා සැකෙන් බලමින් කිවත් ඔහු හිනා වුනේ ය.

"නැතුවා නැන්දේ මන් හොදින්" සැබෑවටම එය බොරුවක් උනා.. අද ගෙනිහින් දාන්න තිබ්බ හාල් ගෝනි ගොඩක් තිබුන. අනිත් සේවකයෝ වෙනත් වැඩ වල හිටපු නිසා සුමුදු තනියෙන් සේරම ගිහින් දැම්මේ ඇග නිකන් පණ නැතුව වගේ..

"අපේ කපු රාලට එන්න කියපන් හවස් ජාමේ.. මේ වැඩ කල් නොදා ඉක්මනින් දවසක් දාගමු " සුමුදුට මුල් ටික කියා අවසාන පෙළ අහිංසා හා කමලට මුදලාලි කිවේ ය.

සුමුදු හිස වනා යන්න හැරුනත් පුංචි මහත්තයාගේ හඩ නිසා ඔහු නැවතුන.

" ඔහොම ඉන්න.. මොන කපුවෙක් ගේන්නද? මන් එක පාරක් කිව්වා මේකට කැමති නැ කියලා!"

"පොඩි මොනාද ඔයා මේ කියවන්නේ? "

"මන් එක පාරක් කිව්වා, මන් කැමති නැත්තං මේ මගුල වෙන්නේ නැ.. තමුන් කොහෙවත් යන්නේ නැ සුමුදු" පුංචි මහත්තය කේන්තියෙන් කෑගහද්දී එතනට නෙවිල් ආවේ කලකිරුණ මුණකින්.

"මොකද මේ කෑගහන්නේ? පොඩි තමුසෙට මොකද වෙලා තියෙන්නේ?"

"මෙයාලට කියන්න මන් මේකට කැමති නැ කියලා.. ඔයා හොදටම දන්නවා, මන් මේකට කැමති නැ කියලා අය්යේ please, "පුංචි මහත්තය නෙවිල් දෙස බැගපත් ස්වරයෙන් කියද්දී වෙන දේ යන්තමට මෙන් තේරුණ නෙවිල් අහිංසා දිහා බැලුව.

⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️Onde histórias criam vida. Descubra agora