ජනේලේ අතරින් වැටිච්ච ඉර එලිය එක්ක සුමුදු අමාරුවෙන්,අඩලා ඇලිල තිබුන ඇස් ඇරිය.වට පිට බැලුවම තමන් ඉන්නේ අක්කගේ කාමරේ නේද කියලා දැක්කම සුමුදු ඉන්න ගැහුවා වගේ කෙලින් උනේ තමන්ට එහා පැත්තෙන් අක්කා නැති නිසා. ඊයේ රෑ තමන් අඩලම අකක් ගව නින්ද ගිහින් තේරුණ සුමුදු අක්කව හොයන් ගියා..
"හා... හ්.... "ඇනුමක් ඇරපු සුමුදු එලියට ආවම දැක්ක දේ නිසා ටිකක් වෙලා බලන් හිටිය.
"ආ.. නි-නිදි කුම්බරය නැ-නැගිට්ටද..? " අප්සරා ඇහුවේ එලිය බැද තිබු ලිපේ ඇති වලදක් කුරු ගමින්. " මො-මොකෝ ඔහොම බලන්-නේ..? "
" අක්කේ..? ඔයා මොකද ඔය කරන්නේ" අප්සරා ලගට යමින් ඇහුවම ඇය හිනා උනා.
" කෑ-ම හදනවා."
"හ්ම්ම්.. මොනාද හදන්නෙ?" ලග තිබුන ගලක් උඩින් වාඩි වෙමින් සුමුදු ඇහුව.
"බතල අල දෙකක්. අපි දේන්නට.. ආ.."
අප්සරා දුන් අලයට පිබ සුමුදු කටක් කෑවේ ය. අප්සරා දිහා බලලා හිනා වුනු ඔහු දිගටම එය කන්න පටන් ගත්තේ ය."දවල්ට උ-උයන්න බඩු නැනේ.."
" මන් අරන් එන්නම්. මන් ගාව සල්ලි තියෙනවා. මොනාද ගෙන්න ඕන..?"එහෙම කියපු සුමුදුගෙ හිතේ ආඩම්බරයක් ඇති උනා.
"හාල්, තුන පහ, පොල්..."
"හ්ම්ම්..මන් ඉක්මනට අරන් එන්නම්."කී සුමුදු ගේ ඇතුලට දුව ගොස් කාමරේ තිබුණු පුංචි කලයක් ලගට ගියේ ය. අත දමා ඉන්න සල්ලි ගෙන මුදලාලි කඩේට දුවගෙන ගියේ ය.
" මොනාද ඕන..?"කඩේ ඇතුලේ හිටපු කෙනා සුමුදු දෙසවත් නොබලා ඇහුව.
"හාල්,"සුමුදු කිවේ ය.
සුමුදුගෙ කටහඩ ඇහුන ගමන් අනෙක හැරී බැලුවේ ය. පුටුවෙන් හිටගෙන ඔහු සුමුදු ලගට ආවේ ය."සුමුදු, කොහෙද ඊයේ ගියේ..? ඇයි ගියේ? මන් ඔයාගේ ගෙවල් තියෙන තැනක්වත් දන්නේ නැ.!"සුමුදුගෙ උරහිසෙන් අල්ලං පුංචි මහත්තය කිව්වම සුමුදු බිම බලා ගත්ත.
"මට හාල් ඕන. තව පොල් ගෙඩියකුයි,."
"මට ඔය මගුල් වලින් වැඩක් නැ.. ඇයි අද ආවේ නැත්තේ?"
"කමලා නැන්ද මට නිවාඩුවක් දුන්න.. කොන්ද වැදිච්ච හින්ද." සුමුදු ගනනකට නොගෙන කිය.
නමුත් පුංචි මහත්තය සුමුදුගෙ නළල සිප ගත්තේ ය. සුමුදු මුකුත් නොකිය සිටියේ ඔහුද ඊට කැමති උ නිසා..
YOU ARE READING
⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️
Romance"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති හදත් ඉන්නවට.. හරියට මන් වගේ.. මන් පුංචි තරුවක්! පුංචි මහත්තය හද!"