සතියක් පමණ ගෙවී ගියේ සුමුදුගෙ තුවාල සුව වන විට..කාර්යන් කර නිදහසේ සිටීමට ඔහු තම රහස් තැනට ගියේ ය..
දොළ ලග ඉද ගත් ඔහු ලගට ආවේ සුමුදුගෙ සුරතලය්.."මයේ නයි හාමු.., මොකෝ කලේ ඉතින්? ම්ම්.? මන් නැතුව පාලු හිතුනද..?? බලන්නකෝ මාව අඹ කඩන්න ගොහින් ගහෙන් වැටුනනේ..! ඒකය් එන්න බැරි උනේ.."
'ස්..' සුරතලා එකගවීමට මෙන් සද්ද කලේ ය.
"හුම්ම් දැන් මට හොදය්! " කිවු සුමුදු අනන්තය දෙස බැලුවේ ය..
"නයි හමු, මට.. අනේ මන්ද මට හරි අමුත්තක් දැනෙනවා පුංචි මහත්තය ළග ඉද්දි.. එත් දැන් පුංචි මහත්තය මාව ගහෙන් වැටිච්ච දවසේ ඉදන් හරියට කතා කරන්නේ නැ.. මට ඉතින් පාලුයි වගේ.. මන් හරි කැමතිය් පුංචි මහත්තය මයේත් එක්ක ඉන්නවට.. හහ්..!"
කෙනෙක් තමන්ට කතා කල නිසා සුමුදු හැරී බැලුවේ ය. පුංචි මහත්තය සිටියේ ය..
"පුංචි මහත්තය,?"
"ඔය සතාව අයින් කරන්න..!"සර්පයා දෙස බලමින් පුංචි මහත්තය කිය.. සුමුදු එකග වි සර්පයාව යැව්වේ ය.
"ඔලුව රිදෙනවද...? "පුංචි මහත්තය ඇහුවේ සුමුදුගෙ නළලින් අත තබා..
"අය්යෝ... කීවෙනි පරාද මේ?මට දැන් හොදා..!"
"හ්ම්.. "සුමුදුගෙන් අත ගත් පුංචි මහත්තය දොළ දෙස බලා කතා කලේ ය.
"මොකද මෙතන කරන්නේ.? ඔයා අර සර්පයා එක්ක ඉන්නවට මන් කැමති නැ.. හදිස්සියේවත් මන් මෙතන ඉදපු නැති වෙලාවක උ ඔයාව කෑවොත්?, කව්රුත් මෙතන දන්නේත් නැ.. මොකද කරන්නේ සුමුදු? එදා ගහෙනුත් වැටුන..?!ම්ම්... මොකද කරන්නේ මන් එතකොට"ඔහු නැවත සුමුදු දෙස බැලුවත් සුමුදුට දීමට උත්තරයක් නොතිබුනි..
"මන් ගැන බය වෙන්න එපා.! මට මන් ගැන බලා ගන්න පුලුවන්. අනික පුංචි මහත්තය එන්න කලින් ඉදලයි මේ සතා මන් එක්ක ඉන්නේ..!"සුමුදු දීපු පිළිතුර නිසා පුංචි මහත්තය සුසුම් හෙලුවේ ය.
----
අම්බෝ සුමුදු ආයේ නම් ගහකින් වැටෙන්න තියා හිතන්නවත් එපා..නේද අම්මේ..?"පොල් ගානමින් හිටපු හංසි කිවේ කමලාත් හිස වනද්දී..
YOU ARE READING
⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️
Romance"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති හදත් ඉන්නවට.. හරියට මන් වගේ.. මන් පුංචි තරුවක්! පුංචි මහත්තය හද!"