08

924 155 3
                                    

"ආ..? "සුමුදු පුදුමෙන් ඇහුව. එත් ඔහු තව මොන හරි කියන්න මත්තෙන් පුංචි මහත්තය සුමුදුගෙ ඇස් සිප ගත්තේ ය.සුමුදු ඇස් පියාගෙන හිටියේ ය. පුංචි මහත්තය සුමුදුගෙන් අයින් උනත් ඔහු සුමුදු දිහා බලන් හිටියේ ය. ඇස් දෙක තද කරන් තමන්ගේ කමිසේ අත් දෙකේ ගුලි කරන් සුමුදු හිටියේ ය.

ඇස් තද කර ගත්ත සුමුදුගෙ තොල් දෙක ඉබේම තද උනේ ය.

එත් එක පාරටම පුංචි මහත්තය නැගිට්ටේ ය. සුමුදු එක ඇහැක් ඇරලා බැලුවම දැක්කේ එහා පැත්ත හැරිලා ඉන්න පුංචි මහත්තයව. මුකුත් නොවීච්ච ගානට සුමුදු හොරෙන් තමන්ගේ කමිසේත් අරන් දොර දිහාවට ඇවිද්දේ ය. එත් තවත් ඇවිදින්න කලින් සුමුදුව ඇද ගත් පුංචි මහත්තය නිසා සුමුදු නැවතුනේ ඔහුගේ පපුවේ. සුමුදුගෙ නිකටෙන් උස්සපු පුංචි මහත්තය සුමුදුගෙ දෙතොලට බර උනේ ය.
.
.
.

සුමුදු ඇස් ලොකු කරන් බලන් හිටියේ ය. පුංචි මහත්තයාගේ තොල්වලින් උණුසුමක් දැනුනත් සුමුදුගේ තොල් වෙව්ලුවේ ය.සුමුදුගෙ අත් පුංචි මහත්තයාගේ පපුවේ තිබුනත් පුංචි මහත්තයාගේ එක අතක්‌ සුමුදුගේ නිකට යටින් තියෙද්දී අනික තිබුනේ සුමුදුගෙ තට්ටමක. ඒ අත රාගී බව නිසා එතන තියෙන බව පිටින් බලන්නේකුට හිතුනත් ඇත්තටම එතනින් අත තිබුනේ සුමුදුගෙ උස හදා ගන්නයි..

සාමාන්‍ය විදිහට හිටන් හිටියම සුමුදු පුංචි මහත්තයට වඩා ගොඩක් පුංචි උනා.

ටිකකින් එහෙම ඉදල පුංචි මහත්තය සුමුදුගෙන් ඈත් උනා. සුමුදු මුණ බිමට බර කර ගත්තේ ය.

" මගෙන් එහෙම බේරිලා යන්න බැ සුමුදු..!"පුංචි මහත්තය තමන්ගේ කන ලගටම කරලා මුමුනද්දී සුමුදු ගැස්සි ගියේ ය.

ටක් ටක්

පුංචි මහත්තයාගේ මුන ඇද වෙද්දී සුමුදු තමන්ගේ කමිසේ ඇද ගත්තේ ය.

"වට් ආර් යු ටෙකින්ග් සෝ ලෝන්ග්.. අයිම් ජස්ට් හියර්..."පුංචි මහත්තයාගේ කෝපය ගණන් නොගෙන කතා කල කෙනා ඇතුලට එද්දී සුමුදුව දැක්ක නිසා අතරමග කතාව නැවැත්තුවේ ය.
"හු ඊස් ඩිස් ..?"

"නන් ඔෆ් යුවර් බිස්නස් !" පුංචි මහත්තය ඇස් කැරකුවේ ය.

"ඔහ් රියලි...? ලෙට් මි සි...බට් වෙයිට් දිස්... එයි..කොල්ලෝ!"ඔහු සුමුදුට කතා කලේ ය.

⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️Where stories live. Discover now