සුමුදු ඉකමනින් පුංචි මහත්තයාව හොයා ගෙන දිව්වේ ය. ඇස් වලින් වැටෙන කදුළු අතින් පිහ දමමින් දිවූ ඔහු අවසානයේ මුදලාලි නිවසට විත් හති ලන්න විය. වත්තේ කොනක නවතා තිබු වාහනය දැක සුමුදුගෙ කදුළු අලුත් උනි.. බූන්දි මල්ලත් අතේ තියන් සුමුදු වෙව්ලන දෙපා වලින් ඉක්මනට නිවස තුලට ගියේ ය.
" සුමුදු..? " හංසි කතා කලා..
" පු-පුංචි.. මහත්තයා කො..? "
" අ.. පොඩි.. අය්යා .. මෙ.. ඇතුලේ.. "
සුමුදු ඉක්මනින් ඇතුලට ගියේ ය. අඩවන් උ දොර අතරින් එබී බලපු සුමුදු ඇතුලට ගියේ ය. කාමරය කොනක සිට තම ගිටාරය අසුරන තරුණයාව ඔහුගේ ඇස් වලට අහු උනි..
" පුංචි මහත්තයා.. " කියමින් සුමුදු ඔහුව පිටුපසින් වැලද ගත්තේ ය.
තම කාර්ය නැවතුන අනෙකා කතා කලේ ය. " සුමුදු මොකද මෙ? "
" යන්න එපා.. "
" එහෙම බැනේ..එහෙ මන් නැතුව වැඩ ගොඩ ගැහිලා.. "
" පුංචි මහත්තයා මට බූන්දි දුන්නෙත් නැ..'ඉහි'"
" එ කිව්වේ? " පුංචි මහත්තයා සුමුදු දෙසට හැරුණි.. කදුළු පිහද ගත් සුමුදු අඩියක් විතර උඩින් තියෙන පුංචි මහත්තයාගේ මුණ දිහා බැලුවේ ය. නැවත බිම බලා පුංචි මහත්තයාගේ කකුල් උඩ හිට ගෙන ඇගිලි තුදු වලින් ඉස්සුනේ ය. බෙල්ල වටේ අත් දෙක ඔතන් ඔහුව සිප ගත්තේ ය..
පුංචි මහත්තයාගේ ඇස් පුදුමෙන් ලොකු වුනේ ය. නමුත් මගහැරී තිබු පහස නැවතීමට අවැසි නොවූ ඔහු සුමුදුව ඔසවන් එය විද ගත්තේ ය.
" මට සමාවෙන්න.. " සිප ගැනීම අවසානයේ සුමුදු කිවේ ය. " මට පුංචි මහත්තයාව අමතක උනා.. " ඔහු අඩන්න විය.
" අඩන්න එපා සුමුදු, අඩන්න එපා.. කො මන් දිහා බලන්න.. අපෝ..! මුනේ හැටි, අහක බලන් දාපු කොත්තුවක් වගේ.. " පුංචි මහත්තයා කිවේ ය.
සුමුදු ඔහුගේ උරහිසට ගැහුවේ ය. නමුත් ගැහු පසුය් ඔහුට එහි ඇති තුවාලය මතක් උනේ." අනේ.. එක.. පෑරෙන්න ඇති.. "
" නැ. නැ. එක පෑරුනේ නැ සුමුදු, " කියමින් ඔහු සුමුදුගෙ කම්මුල් සිප ගත්තේ ය. " ඇත්තටම...ඔයාට.. මාව.. ම-මතකද..? "
YOU ARE READING
⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️
Romance"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති හදත් ඉන්නවට.. හරියට මන් වගේ.. මන් පුංචි තරුවක්! පුංචි මහත්තය හද!"