සතුන්ගේ හඩවල් තැනින් තැන ඇහුනේ ය. කුරුල්ලන්ගේ කිචි බිචි සද්දේ එක්ක ඉර එලිය දසත පැතිරි ගියේ ය. වත්තේ කොනක තිබු පිච්ච මල් වල සුවද හුලග එක්ක වාතය සුවදවත් කලේ ය. පුංචි උනත් පිළිවෙලට තියෙන ගෙදර දොර විවරව තිබුණි..
තම දෑස හෙමින් විවර කල සුමුදුට පිච්ච මල් සුවද දැනුනේ අමුතු ප්‍රබෝදමත් බවක් දෙමින් උනත් කකියන හිස ඊට බදා කලා..
" මල්ලි.. මල්ලි.. ඔයා නැගිට්ට.. " අප්සරා කතා කලා ය.
" අ-අක්කේ.." සුමුදු මද හිනාවක් එක්ක කිවේ ය. " ව-වතු... ර "
" ආ.. මෙන් බොන්න.. " ගුරුලේත්තුව අතට ගනිමින් කිවුවේ ඈ සුමුදුව ඇද විට්ටමට හේත්තු කලා ය ඈ හෙමින් සුමුදුට වතුර පෙව්වා ය.
" අක්කේ.. ඔයා.. ලොකු වෙලා වගේ..? " අප්සරාගේ කම්මුලින් අත තියමින් සුමුදු කීව.
අප්සරා සිනා විය..
" අක්කා ලොකු වෙන්නේ නැතුව ආපහු පොඩි වෙන්න යැ? " හංසි සමග නිවසට ඇතුල් වූ කමලා කීවා ය.
" ක-කමලා.. නැන්ද.."
" උබ නැගිටලා කොල්ලෝ.. " සිනා වි ඇය ඔහුව තුරුල් කර ගත්තා ය.
සුමුදුට තමන් සිහිසුන් වීමට සිදු වූ දේවල් මතක් විය. ඇස් වල කදුළු පිරෙද්දී ඔහු අප්සරා දෙස බැලුවේ ය. අප්සරා සුමුදුව අත ගෑවා ය. තමන් දෙස බලපු සුමුදුට හංසි සිනාවක් පෑවා ය.
" ආන්.. පොඩි අය්යා ඉක්මනට එයි.. "" මෙ.. හංසි අක්කා නේද..? අක්කා.. කවද්ද ගමට ආවේ? " සුමුදු ඇහුවේ ය.
" අ..? " අනෙක් තිදෙනගේ මුහුණු පුදුමෙන් පිරුණි.
" සුමුදු මොකද්ද උබ ඔය කියන්නේ? " කමලා ඇහුව ය.
" ඇයි.. හංසි අක්කා නගරෙට ගියේ ලොකු ඉස්කෝලේ යන්නයි කියලා.. ඉතින් එ ස්කොල මෙච්චර ඉක්මනට ඉවර වෙනවද? අනික.. කව්ද පොඩි අය්යා..? "
" සුමුදු... " යමෙක් හඩගෑවේ ය. ඇතුලට ආපු ඔහු සුමුදු දෙස බැලුවේ ය. තම කොණ්ඩය එක්කර බැද සිටියත් අකීකරුව නළලට වැටුන කෙස් ඔහුගේ කඩවසම් බව ත්‍රීව්‍ර කලා..දැලි රව්ලක් වැවි තිබු ඔහුගේ මුනේ කඩවසම් බව බව පරයමින් ඇස් වටේ කළු වි තිබුනේ ඔහු නොනිදා සිටි දින ගණන ගැන ඉගි දෙමින්.. නමුත් සුමුදුව දැකි ඔහුගේ මුණ ප්‍රීතියෙන් ඉපිල ගියේ ය. ඔහු සුමුදුව වැලද ගත්තේ ය.
BINABASA MO ANG
⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️
Romance"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති හදත් ඉන්නවට.. හරියට මන් වගේ.. මන් පුංචි තරුවක්! පුංචි මහත්තය හද!"