සුමුදු හිනාව නවත්ත ගන්න අතින් කට තද කරගෙන හිටියේ ය.
කමලත් ඊට නොදවෙනි ලෙස අනෙක් අයට පිටුපා සිනාසෙන බව සුමුදු දැක්කේ ය.කුස්සියේ කෙලවරේ බිම දනගහගෙන හිටිය සහෝදරයෝ දෙන්න ඔලුව පාත් කරන් හිටියත් සැරෙන් සැරේ හුවමාරු උන එරවිලි අඩු නොවුනි.
" ඔහොම ඉන්නවා දෙන්න එක්කම දවල් කෑම කනකන්..!" බොරු කේන්තියක් මවාගෙන කි කමලා එළියේ බැද තිබු ලිප ගාවට ගියේ ය.
සුමුදු තවමත් හිනා වෙන්නේ ය.
සුමුදුට ඔරවපු පුංචි මහත්තය දිව දික් කලේ ය.
"හිනා වෙන්න එපා ඉතින්.. තමුන් තමා මේවට වග කියන්න ඕන..!" මුල ටික සුමුදුට දුකෙන් කියලා ඉතිරිය ඔහු නෙවිල්ට කෑගහන්න උනා." මන්ද එතකොට මේ ඔක්කොම කලේ? "
" නැතුව..! තමුන්ට කෙනෙක් නෑය් කියලා මන් මොන කරන්නද?!ගිහින් හොයා ගන්නවා කෙනෙක්ව!"
" හැ.. හැ...කියනකන් හිටියේ? "
ඇස් කරකවලා නෙවිල් අහක බලා ගත්තා." තව රැ වෙනකන් දනගහන් ඉන්න වේය් ආපහු රණ්ඩු කරලා. " සුමුදු හොරෙන් කිව්වම අනෙක් දෙන්න රැවීම් නතර කලා.
" මේ මොකද? " එතනට ආපු අහිංසා හිනා වේවි අහනකොට එළියේ ඉදන් කමලා උත්තර දුන්න.
" දෙන්න එක්ක රණ්ඩු හැමතිස්සෙම. ඒකය් ඔය..!"
"ඔය කරන් තියෙන්නේ.. හොද වැඩේ දෙන්නටම.. මට නම් මුකුත් කරන්න බැ ඕන්න.." හිනා වෙන ගමන්ම අහිංසා කිවේ සුමුදුත් තවම හිනා වෙද්දී.. එත් පුංචි මහත්තයව දැක්ක සුමුදුගෙ හිනාව නැවතිලා ගියා. සුමුදුට ඔරවපු පුංචි මහත්තය අහිංසා දිහා බලලා ඔරවන්න ගත්තේ අහින්සගේත් හිනාව නැවතෙද්දී..
" හරි සතුටු ඇති නේද? "" පො-පොඩි.. "
" කතා කරන්නවත් එපා.. තමුන් නිසා සුමුදුත් මට හිනා වෙනවා..!" කෑගහල කියපු ඔහු තමන්ගේ කාමරේට ගිහින් දොර දඩාස් ගාල වහ ගත්ත..
" පොඩි.. ඔහොම ඉන්නවා..!" නෙවිල් පුංචි මහත්තයාගේ පස්සෙන් ගියත් ඔහු දොර අගුලු දාන් හිටිය නිසා ආයේ හැරිලා ආවේ ය.
තාමත් වුණ දෙ හිතා ගන්න බැරුව හිටිය සුමුදුගෙ අවදානේ බිදුනේ අහින්සගේ ඉකියක් නිසා.
YOU ARE READING
⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️
Romance"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති හදත් ඉන්නවට.. හරියට මන් වගේ.. මන් පුංචි තරුවක්! පුංචි මහත්තය හද!"